උණුසුම් පුවත්
Search
volga

”මට ආදර කතාවක් තියෙනවා, මම යන තැන ෆොටෝ දාන්නේ නෑ” – රටම දන්න පෙම්වතා ගැන වොල්ගා කියූ දේ

25509

එකිනෙකට වෙනස් චරිත නිරූපණයෙන් ප්‍රේක්ෂකයන්ගේ ආදරය දිනාගත්තු ආදරණීය රංගන ශිල්පිනියක් තමයි වෝල්ගා කල්පනී කියන්නේ. පුංචි තිරයෙන් නිතරම දැක ගන්න ලැබුණේ නැතත් වොල්ගට ආදරේ කරන රසක ප්‍රජාවගේ නම් අඩුවක් නැහැ.

කොයි කවුරුත් දන්න විදිහට වෝල්ගා කලින් විවාහ වුනේ හර්ෂණ බෙත්මගේ කියන අතිශයින් ජනප්‍රිය රංගන ශිල්පියා සමග. හැබැයි හිතන්නෙවත් නැති මොහොතක විවිධ නොගැලපීම් නිසා මේ දෙන්නම මේ විවාහයෙන් සමුගන්නවා.

No photo description available.

හර්ෂන නම් මේ වන විට විවාහ වෙලා ආදරණීය දියණියකගේ පියෙක් වෙද්දී වොල්ගා තාමත් තනිකඩව තමයි ජීවිතය ගත කරන්නේ. ඉතින් ”තනිකඩ ජීවිතය වෙනස් වෙයිද?” කියලා අහපු අවස්ථාවකදී ඇය කියලා තිබ්බේ මේ වගේ කතාවක්…..

“මට ආදර කතාවක් තියෙනවා. ඒ ආදරේ මා එක්ක ජීවත් වෙනවා….. කාලෙන් කාලෙට සමහර වෙලාවට ජීවිතේට එක එක අය ඇවිල්ලා අපිට එක එක දේවල් උගන්වන්නේ. මේ ආදර කතාව අපේ වයස සහ අපේ පරිණතවීම එක්ක මට ජීවිතේ කියන්නේ මොකක් ද කියන එක ඉගැන්නුවා….. දේවල් බලාපොරොත්තු නොවී ඉන්න එක, ආදරේ කියන එක පවා පෙරලා බලාපොරොත්තු නොවී ආදරේ කරන්නේ කොහොමද කියන එක උගන්වපු ආදර කතාවක් මට දැන් තියෙන්නේ…. කලිනුත් මම ආදරේ කළා. මට ඒ කාලේ ආදරේ කියන්නේ මොකක් ද කියලා හරියට තේරුණේ නැහැ. දැන් මට ආදරේ සහ ජීවිතේ කියන එක හරියටම වැටහෙනවා කියන එක මම විශ්වාස කරනවා…. ඒ ආදර කතාව හරි ලස්සන, මට වංචා කරන්නේ නැති සුන්දර කතාවක්. ඒ කතාව මා එක්කම ඉස්සරහට යයි…… මම කොහොමත් අනවශ්‍ය ලෙස මගේ පෞද්ගලික ජීවිතේ නිරාවරණය කරන්නේ නැහැ. නිරාවරණය කරන්නේ නැහැ කියන්නේ මම හිතාමතා හංගනවා කියන එකත් නෙවෙයි. මම එහෙම හංගලා වැඩ කරන්නේ නැහැ. මම අනිත් අය වගේ යන යන තැන ෆොටෝ දාන කෙනෙක් නෙවෙයි. ඒ නිසා තමයි මගේ පෞද්ගලික ජීවිතේ නිරාවරණය වෙලා නැත්තේ…..” කියලා තමයි ඇය සඳහන් කරන්නේ.

No photo description available.

කොහොම නමුත් දැන් ආදර කතාවක් තියෙනවා කියන, පෙම්වතියක් කියන වොල්ගා අපේ රටේ ප්‍රකට ගායකයෙක් එක්ක තමයි ප්‍රේමයෙන් වෙලිලා ඉන්නේ. ඒ වගේම ඔහු අතිශයින්ම දක්ෂ යූටියුබ් අතික්‍රමණය කළ අයෙක්. ඉතින් මේ පෙම් කතාව වැඩි කල් යන්න කලින් ප්‍රේක්ෂ්කයින්ටත් කියයි කියලා තමයි හැමෝම බලාගෙන ඉන්නේ.

May be an image of 1 person and jewelry

May be an image of 1 person

No photo description available.

No photo description available.

No photo description available.

No photo description available.

 

May be an image of 1 person and braids