තරුණ ගායන ශිල්පිනියන් අතරේ මේ කාලේ වඩා ජනප්‍රිය තරුවක් තමයි කාංචනා අනුරාධි. ඇය නිතරම සිනා මුසු මුවින් ගායනා ඉදිරිපත් කළත් ඇයටත් මේ ක්ෂේත්‍රයේ අභියෝග නැතුවාම නෙවෙයි.. ඇය ඒ ගැන පුවත් පතකට අදහස් ඉදිරිපත් කරලා තිබුණේ මෙන්න මේ විදිහට..
මෙතෙක් ආ ගමන් මගේදී වැඩිපුර මුහුණදුන්නේ කටුක අත්දැකීම් වලටද ?
”හැමෝගේම ජීවිත වල ඉදිරියට යනකොට අපිට කටුක අත්දැකීම් වලට මුහුණදෙන්න වෙනවා. ඒ කටුක අත්දැකීම් ඇතුළේ බොහොම සුන්දර දේවල් අපේ ජීවිත වලට කොහොමද ළඟා කරගන්නේ කියලා දැනගන්න ඕනෑ….. ඉතිං ඒ සතුට තමයි අපේ සියලුම වැඩ කටයුතු වලට එකතුවෙන්නේ”
කැපිලි කෙටිලි වලට එහෙම මුහුණදුන්නාද?
”මම ඒවා ඇත්තටම දකින්න අකැමැති වුණා. එහෙම දැක්කොත් මට මේ ගමන මේ තරම් දුරක් එන්න බැහැ කියලා හිතෙනවානේ. ඉතිං මොන දේ ආවත් ඒවා බැහැර කරලා මානසික ඒකාග්‍රතාවයකින් යුත්කව අවශ්‍ය දේ කරා යන්න තමයි උත්සාහ කළේ සහ අදටත් උත්සාහ කරන්නේ. ඒ හින්දා බාහිරින් එන දේවල් මට එච්චර ප්‍රශ්නයක් වුණේ නැහැ…..”
මේ ජනප්‍රියත්වය ගැන මොකද හිතෙන්නේ?
”ඒ ගැන නිහතමානී සතුටක් තියෙනවා. මොකද මගේ අම්මට තාත්තාටත් මට ලැබෙන ආදරය ඒ ආකාරයෙන්ම ලැබෙනවා. මොකද මගේ ජීවිතයේ අම්මයි තාත්තයි තමයි අදටත්. ඔවුන් මේ ගමන පුරාවටම හෙවනැල්ලක් වගේ ඉන්නවා.”
උපුටාගැනීම : මීවිත අතිරේකය