උණුසුම් පුවත්
Search
Untitled design 35

” මට දැන් පෙම්වතෙක් ඉන්නවා. අපි හමුවෙලා වසර දෙකක් වෙනවා. එයා සැබෑම මනුස්සයෙක් ” – උදාරි කෞෂල්‍යා

276

උදාරි කෞෂල්‍යා කියලා කියන්නේ කලා ක්ෂේත්‍රය තුළ සිටින කාගේත් ආදරය දිනාගත් ආදරණීය රංගන ශිල්පිනියක්. නිරන්තරයෙන්ම සමාජ මාධ්‍ය තුළ ක්‍රියාකාරී චරිතයක් වන ඇය මේ වන විට වන විට රංගනයට අමතරව ව්‍යාපාර ක්ෂේත්‍රයේ කටයුතු ත් කරගෙන යමින් තමයි සිටින්නේ. එ නිසාම අපට දැන් ඇයව වැඩිය කලා ක්ෂේත්‍රයේ කලා නිර්මාණ තුළ දැකගන්නට ලැබෙන්නේ නැහැ. ඉතින් කවුරුත් දන්නවනේ ඇය සිය විවාහයෙන් වෙන් ව තනිකඩ දිවියක් ගත කරන කාන්තාවක්. ඒත් ඉතින් අපට දැනගන්නට ලැබෙන විදිහට දැන් නම් ඇය තනිකඩ නැහැ. ඇය මේ වන විට පෙම්වතියක්.

126254252 144994260712093 4593183413419161391 n

ඇය පළමු වරට විවාහ වන්නේ කවුරුත් ආදරය කරන ක්ෂේත්‍රයේ දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙක් වන සංගීත් සතරසිංහ සමගයි. අති උත්කර්ෂවත් අන්දමින් විවාහ උත්සවයක් ගෙන විවාහ වූ මොවුන්ට සාර්ථක යුග දිවියක් ගත කරන්නට නම් ලැබුනේ නැහැ. ඔවුන් අතර ඇතිවූ යම් යම් ගැටලුකාරී තත්ත්වයන් නිසයි. ඉතින් කොහොම නමුත් මේ වන විට සංගීත් සතරසිංහත් පෙම්වතෙක්. ඔහුගේ පෙම්වතිය වන්නේ අපි කවුරුත් හඳුනන ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන දිනිති වල්ගමගේයි. ඉතින් කොහොම වුණත් මේ වන විට උදාරිත් පෙම්වතියක් නිසා එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය ඒ ගැන කියා සිටියා. ඒ මේ විදිහට.

119662405 768794967027678 4899769251855743456 n

” මට දැන් පෙම්වතෙක් ඉන්නවා. අපි හමුවෙලා හමු වෙලා වසර 2ක් විතර වෙනවා. මාව තේරුම් ගත්ත, මගේ ව්‍යාපාර වලට, රංගන ජීවිතයට, උදව් කරන කෙනෙක් එයා. වෙස් මූනු දාගත්තු නොමිනිසුන් අතර එයා වෙස් මුහුණක් දා නොගත්තු සැබෑම ස්වරූපයෙන් ඉන්න මනුස්සයෙක්. ඒ වගේ කෙනෙක් හම්බවුන එක ගැන මම අද සතුටු වෙනවා. විවාහය ගැන නම් දැන්ම අදහසක් නෑ තව ටික කාලයකින් බලනවා. ගෙවිල ගියෙ අතීතයේ මගේ විවාහය ගැන මට තියෙන්නෙ පසුතැවීමක් විතරයි. මොකද පිටින් පේන තරම් මිනිස්සු සුන්දර නැහැ. හැමෝටම කියන්නෙ විවාහයට හදිස්සි වෙන්න එපා කියලා. හදිස්සිවෙලා ජීවිතයේ ගත්තු සමහර තීරණ ගැන පසුතැවෙනවා. නමුත් එහෙමයි කියලා මම ගෙවී ගියපු කාලය ගැන හිත හිත පසු තැවී නම් ඉන්නේ නැහැ.”

ඉතින් මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

Udari Kaushalya Yellow Dress 2