උණුසුම් පුවත්
Search
nadeesha

”නිළියක් වෙන්න පුංචි කාලේ ඉඳලා හීනයක් තිබුණා” – නදීෂා හේමමාලි

275

අපේ රටේ කොයි කවුරුත් ආදරය කරන දක්ෂ සුරූපී රංගන ශිල්පිනියක් තමයි නදීෂා හේමමාලි කියලා කියන්නේ. ඉතින් ඇය සුන්දර නිරූපණ ශිල්පිනියක් විදිහටත් ඉතාම ජනප්‍රියයි. ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා.

image 85

මේ දවස්වල විශේෂ වැඩක් නම් නැහැ කියලයි ඇය කියන්නේ. ඒ වගේම ඇය ඇයගේම ව්‍යාපාරයක් විදියට ”කෝයල්” නමින් සාරී ව්‍යාපාරයක් ආරම්භ කරන්න සූදානමින් ඉන්නවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ දේවල් එක්ක තමයි මේ දවස්වල ඇයගේ කාලය ගතවෙන්නේ.

image 86

ඒ වගේම ඇය එදා ඉඳලම නිර්මාණවලට දායක වුණේ ටිකක් තෝරලා බේරලා කියලයි ඇය කියන්නේ. ඉතින් අදටත් එහෙමම තමයි කියලත් ඇය කියනවා. මොකද නිර්මාණ වලට සම්බන්ධ වෙද්දි දැන් තිබෙන විදියත් එක්ක ඇය ඒ තරම්ම සෑහීමකට පත්වෙන්නේ නැහැලු. ඒ වගේම ඒ පිළිවෙළ, වැඩ කරන විදිය ඉස්සරට වඩා දැන් හුඟක් වෙනස්වෙලා තිබෙනවා කියලත් ඇය කියනවා. ඉතින් ඒ විදියට වැඩ කරන්න ටිකක් අමාරුයි කියලයි ඇය කියන්නේ. ඒ නිසා ඇය කැමති විදියේ නිර්මාණ වලට විතරක් සම්බන්ධ වෙනවා කියලත් නදීෂා කියනවා.

image 84

ඇය හැදුනේ වැඩුනේ දකුණු පළාතේ වුනාට පස්සේ පදිංචියට කොළඹට ආවට පස්සේ තමයි ඇයට නිලියක් වෙන්න අවස්ථාව ලැබිලා තියෙන්නේ. ඉතින් නිළියක් වෙන්න ඇයට පුංචි කාලේ ඉඳලා හීනයක් තිබුණා කියලත් ඇය කියනවා. හැබැයි පොඩි කාලේ ඇයගෙන් කවුරු වෙන්නද කැමති කියලා කවුරුහරි ඇහුවම ඇය ඒ හීනේ හිතේ හංගගෙන වෙන වෙන දේවල් කියනවාලු. මොකද ඒ කාලේ කිව්වට නිළියක් වෙන්න බැරි වුනොත් ලැජ්ජයිනේ කියලා ඇයට ඒ දවස්වල හිතුනාලු. ඉතින් ඒ විදිහට පුංචි කාලේ ඉඳලා දැකපු හීනේ තමා මේ සැබෑවක් වෙලා තියෙන්නේ කියලයි ඇය කියන්නේ.

image 87

ඒ වගේම කලා ජීවිතේ සෑම දෙයක්ම අමතක නොවන සිදුවීමක් කියලත් ඇය කියනවා. ඉතින් කලා ලෝකය කියන්නේම ජීවිතේ ඇයට අමතක නොවෙන දේවල් රැසක් දුන්න තැනක් කියලයි ඇය කියන්නේ. ඒ නිසා කලාව කියන්නේ ඇය ජීවිතේ ආසාවෙන් පැලඳගත්ත ආභරණයක් වගේම ඇයට ජීවිතේ හැමදෙයක්ම ලැබුණේ කලාව නිසා කියලයි ඇය අවසාන වශයෙන් පවසලා තිබුනේ.

image 88