ගායන ක්ශේෂ්ත්‍රයේ ඉන්න ජනප්‍රිය ගායන යුවළක් තමයි සමිතා මුදුන්කොටුව සහ අතුල අධිකාරි කියන්නේ. ඉතින් ජනප්‍රිය ගීත ගණනාවක්ම ගායනා කල ඔවුන් දෙදෙනා ලොකු දුව කවින්ද්‍යා කුඩා කාලෙත් ගීතයක් ගායනා කළා. ඒ ගීතයට තවමත් ආදරය කරන පිරිස බොහෝමයි. ඉතින් කවින්ද්‍යා අධිකාරි කියන්නේ මේ වෙනකොට ගායන ශිල්පිනියක්, නිවේදිකාවක් සහ රංගන ශිල්පිනියක් විදියට වැඩ කටයුතු කරන කෙනෙක්.
කවින්ද්‍යා ටැටූ විලාසිතාවට ප්‍රිය කරන ඇගේ ටැටූ 24ක් පමණ තියෙනවා කියලයි මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණේ. ඒ වගේම කවින්ද්‍යා ඇගේ අම්මා ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.
”අපේ අම්මා කොහොමද මෙහෙම කෙනෙක් වුණේ කියලා හිතා ගන්න බෑ….. එයාට මගේ යාලුවෝ, එයාගේ යාලුවෝ එහෙම කියලා කිසි වෙනසක් නෑ. ඕනම කෙනෙක් එයාගේ ඕනම දෙයක් ඉල්ලුව ගමන්ම ”ආහ් ගන්න” කියලා කියනවා. අපේ අම්මා හරිම හොදයි…. මට මේ හොද ගති ගුණ ආවේ අපේ අම්මගෙන්. අපේ තාත්තිත් එහෙමයි. ගොඩක් හොදයි. හිත වුණු වෙන ඕනම කෙනෙකුට උදව් කරන කෙනෙක්.” කියලා තමයි ඇය කියලා තියෙන්නේ.
රටම ආදරය කරන ගායක ගයාන් ගුණවර්ධන සමඟ පෙමින් බැඳී සිටි කවින්ද්‍යා මේ වන විට නම් පෙම්වතියක් නෙවෙයි කියලයි කියන්නේ.