උණුසුම් පුවත්
Search
80

”අම්මලා එපා කියද්දියි මම හොරෙන් විවාහ වුණේ, වෙඩින් එක මීඩියා වලින් යද්දියි එයාලා දැනගත්තේ” – රටම ආදරේ කරන සුදු නංගි

2251

මීට අවුරුදු ගණනාවකට කලින් සුදු නංගි විදියට රගපාපු අයෝමි ශානිකාට තවමත් කවුරුත් කතා කරන්නේ සුදු නංගි කියලයි. මේ වන විට රංගනයෙන් ඈත් වෙලා එංගලන්තයේ ජීවත් වෙන අයෝමි වෛද්‍යවරියක් හැටියට වැඩ කරන ගමන් තමයි ඒ කාලේ රගපෑවේ. ඉතින් මේ වන විටත් සෞඛ්‍ය ක්ශේෂ්ත්‍රය රැකියාවක් කරන එංගලන්තයේ ජීවත් වෙන අයෝමිව පුංචි තිරයෙන් දැකගන්නට නොලැබූනත් ඇගේ ජනප්‍රියතාවය කිසිදු අඩුවක් වෙලා නෑ.

 

No photo description available.

ඇය දැන්නම් විවාහ වෙලා දරුවො දෙන්නෙක් ඉන්න මවක්. ටෙලිනාට්‍යය විස්සක විතර රංගනය කරලා තියෙන අයෝමි ජනප්‍රියම කාලේ තමයි විවාහ වෙන්නේ. ඇය විදෙස් රටක හිටියත් රංගන ජීවිතයට තවම ආදරේ නිසා ඉද හිට හරි ලංකාවට ආව කාලෙක රගපාන්න හරි ආසාවෙන් බලන් ඉන්නවා.

May be an image of 2 people and sky

ඉතින් අයෝමි ශානිකාගේ විවාහය ගැන ගොඩක් දෙනා නොදන්න නමුත් ඇය මාධ්‍යට කියූ තොරතුරු කිහිපයක් මෙසේයි…..

”ඇත්තටම මම නුවරට ගියාම තමයි චින්තක දොළපිහිල්ලව මට මුණ ගැහෙන්නේ. එයා එක්ක යාලුවෙලා මාසෙකින් විතර අම්මට අහු වුනා….. ඉතින් අම්මා කිව්වා ගෙදර එක්කන් එන්න කියලා. ගෙවල් වලින් කැමති වුනාම අපේ කේන්දරේ ගැලපුනේ නෑ…. ඊට පස්සේ ගෙවල් වලින් කිව්වා නවත්තන කියලා. අපි දෙන්නා හැමෝටම හොරෙන් රෙජිස්ටර් වුනා. මාධ්‍යයෙන් යද්දි තමයි අපේ අම්මලා දැන ගත්තේ….

No photo description available.

එදා අම්මලාව අඩවලා ගත්ත තීරණේ ගැන අද දුක් වෙනවා. මොකද, අද මමත් අම්මා කෙනෙක් නිසා මට ඒ වේදනාව තේරෙනවා….. ඒ වුනාට චින්තක එක්ක විවාහ වුන එක ගැන පසුතැවීමක් නෑ. අද අපිට දරුවො දෙන්නෙක් ඉන්නවා. ඉතින් අපි සතුටි ඉන්නවා…..”

මේ විදියටයි ජනප්‍රිය රංගන ශිල්පිනී අයෝමි ශානිකා ඇගේ අදහස් දක්වලා තිබුණේ.

May be an image of ‎text that says '‎SO יושב‎'‎