උණුසුම් පුවත්
Search
Untitled design 26

” මම ටුවර් එකක් ගිහින් ගෙදර දුවගෙන එන්නේ Wife හදලා දෙන කෑමක් කන්න. එයා රසට උයනවා ” – ධනංජය ද සිල්වා

1167

ධනංජය සිල්වා කියලා කියන්නේ මේ දවස් වල ශ්‍රී ලාංකීය ක්‍රිකට් ලෝලීන් අතර ජනප්‍රියම ක්‍රිකට් ක්‍රීඩකයෙක්. බොහෝ තරුණියන්ගේ ආකර්ෂණය නිරන්තරයෙන්ම දිනා ගැනීමට සමත් වී සිටින ඔහුට බොහෝ දෙනෙක් ආදරයට අමතන්නේ ධනා කියන නමින්. 1991 සැප්තැම්බර් 6 වැනි දින හම්බන්තොට ප්‍රදේශයේ දී උපත ලැබූ ඔහු සහෝදරයන් තිදෙනකුගෙන් යුත් පවුලේ දෙවැනි පුතායි. ඉතිං ධනංජය සිය ක්‍රිකට් දිවිය ආරම්භ කරන්නේ හම්බන්තොට දෙබරවැව ජාතික පාසලෙන්.

EzV59OLVIAYuAuZ

ඉන්පස්සෙ ඔහු කොළඹ මහානාම විද්‍යාලයට ඇතුළත් වන අතර පසුව තමයි ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට ඇතුළත් වන්නේ. ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේ ජෙෂ්ඨ පාසල් ක්‍රිකට් ක්‍රීඩා කරපු ඔහු එහි නායකත්වය ලබා ගැනීමටත් සමත් වුණා. ධනංජය සිල්වාගේ පියා දේශපාලන පීඨිකාවේ ක්‍රියාකාරී චරිතයක් වෙනවා. ඉතා අවාසනාවන්ත ලෙස 2018 මැයි 25 වන දින රත්මලාන ඔහුගේ නිවස ඉදිරිපිට දී මෙලොව හැර යාමට ඔහුට සිදුවනවා.

FQR9r8gaMAI0Kef

කොහොම නමුත් මේ වන විට ක්‍රිකට් ජීවිතයේ ඉහළම ස්ථානයකට පැමිණ සිටින ධනංජය ශ්‍රී ලාංකික බොහෝ ක්‍රිකට් ලෝලීන්ගේ නිරන්තර ආකර්ෂණය සහ ආදරය දිනා ගැනීමට තරම් වාසනාවන්ත වෙලා තියෙනවා. ඉතින් මේ වන විට විවාහ වී ආදරණීය දූ සිඟිත්තියගේ පියෙක් වන ඔහු පසුගිය දිනක දී එක් වූ එක්තරා මාධ්‍ය වැඩසටහනකදී ඔහුගේ පෞද්ගලික ජීවිතයේ තොරතුරු බිඳක් බෙදාගත්තේ මේ විදියට.

Dananjaya And Wife

” දුවගෙ අනාගතය ගැන හිතලා ඉදිරියට සැලසුම් කිරීම තමයි මගේ එකම අරමුණ. මගෙ බිරිද මට කැමති වුණේ මම ක්‍රිකට් නිසා ලංකාවෙ ප්‍රසිද්ධ චරිතයක් වෙච්ච නිසා නෙමෙයි. එයාට මට යමක් වටහා දෙන්නත් මට එයාට දෙයක් කියලා දෙන්නත් පුලුවන්. අපි දෙන්නා අතරේ හොද තේරුම් ගැනීමක් සහ අවබෝධයක් තියෙනවා. මම tour එකක් ගිහින් ගෙදර දුවගෙන එන්නේ Wife හදලා දෙන කෑමක් කන්න. එයාට ඕනම කෑමක් රසට උයන්න පුලුවන්. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන මේ ආදරණීය ක්‍රිකට් ක්‍රීඩකයාගේ සියලුම ඉදිරි වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

116744256 2658942177726607 7477058125485869357 n