උණුසුම් පුවත්
Search
prihan

”මට ගොසිප් හැදෙන්නෙ නතාශා නිසයි” – ප්‍රිහාන් මඩප්පුලි

250

”යායට පායනා පෝදා සද….” ගීතය නිසා මුලු රටක ආදරය දිනා ගන්නට හැකි වුණු ජනප්‍රිය ගායකයෙක් තමයි ප්‍රිහාන් කියන්නේ. ඉතින් කාලයක් නිහඩව සිටි ප්‍රිහාන් සංගීතය තුලින් වැඩිය දකින්නට ලැබුණෙ නැත්තේ ඔහුගේ ව්‍යාපාර කටයුතු නිසා බව තමයි දැනගන්න ලැබුණේ. ඉතින් කොහොමහරි හැමෝගෙම අවධානය නැවත ලබා ගන්නට වුණේ ඔහු ජනප්‍රිය ගායිකාවක්, රංගන ශිල්පිනියක් විදියට අපි කවුරුත් දන්න නතාශා පෙරේරා විවාහ කරගැනීම නිසයි.

image 200

ඉතින් ඒ විදියට නතාශා සමගින් විවාහ වුණු ප්‍රිහාන් ඔවුන් එකතුවෙලා ගත්ත ඡායාරූප වැඩිපුර සමාජ මාධ්‍ය ජාලාවල දකින්න ලැබෙන්නෙ නෑ. මොකද ඔවුන් දෙදෙනා වැඩිහරියක් තම තමන්ගේ වැඩ කටයුතු කරමින් තනිව ගමනක් යන බවයි ඔවුන්ට ආදරය කරන ප්‍රේක්ෂකයන් විදියට අපිට තේරෙන්නෙ.

image 201

ඉතින් නතාශා සහ ප්‍රිහාන් ගැන සමාජ මාධ්‍ය හරහා සංසරණය වෙන බොරු පුවතක් තමයි ඔවුන් දෙදෙනා දික්කසාද වෙලා කියන පුවත. කොහොම වුණත් මේ දේ බොරු කියලයි නතාශා සහ ප්‍රිහාන් සදහන් කරන්නේ.

image 199

විවාහයෙන් පසුකාලීනව ඔවුන් දෙදෙනා විදෙස්ගත වෙන්නේ ඔවුන්ගේ ව්‍යාපාර සහ වෘත්තිමය කටයුතු වෙනුවෙනුයි. ඉතින් ඒ විදියට විදෙස්ගත වෙලා විවේකයක් ලැබුණාම ඔවුන් දෙදෙනා වෙන වෙනමත් ලංකාවට ඇවිත් යන බව නොරහසක්. කොහොම නමුත් ඔවුන්ට අහන්න ලැබෙන ගොසිප් ගැන ප්‍රිහාන් කියන්නේ මේ වගේ කතාවක්…..

image 198

”මම ගැන වැඩිය මුල ඉදන්ම ගොසිප් හැදුනෙ නෑ. මම නතාශා එක්ක විවාහ වුනාට පස්සෙ තමයි ගොසිප් හැදුනෙ. මොකද නතාශා කියන්නේ ජනප්‍රිය කෙනෙක්….. කෙනෙකුට ගොසිප් හැදෙන්නෙ එයා ජනප්‍රිය වුනාම. අපිට බොරු ගොසිප් හදලා කවුරුහරි ජීවත් වෙනව නම්, ඉතින් කමක් නෑ කියලා තමයි කියන්න තියෙන්නේ….”

මේ විදියටයි ප්‍රිහාන් අදහස් දක්වලා තිබුණේ.