උණුසුම් පුවත්
Search
Untitled design 52

” අපරාදේ එයාව නැතිකරගත්තෙ කියලා හිතුණා. ඒත් මම හොඳ පැත්තට හිතුවා ” – කවින්දයා අදිකාරි

4809

සංගීත ලොව තුල සිටින ජනප්‍රියම සහ දක්ෂතම ගායන ශිල්පිනියක් තමයි කවින්දයා අදිකාරි කියලා කියන්නේ. ප්‍රවීණ ගායන ශිල්පිනී සමිතා මුදුන්කොටුව මහත්මිය ගේ සහ ප්‍රවීණ ගායන ශිල්පී අතුල අදිකාරි මහත්මාගේ වැඩිමහල් දියණිය වන ඇය ගායනයට පමණක් නොව රංගනයටත් නිවේදනයටත් එක සේ දස්කම් පානවා. කාලයක් අතිශය ජනප්‍රිය වෙමින් සිනමාහල් තුළ විකාශය වු ඝරසරප සිනමා පටයෙ ප්‍රධාන චරිතය සඳහා ඇය සිය රංගන දායකත්වය ලබා දුන් අතර ඒ සඳහා ඇයට බොහෝ රසික රසිකාවියන්ගේ ආදරය සහ ආකර්ෂණය දිනා ගැනීමට හැකියාව ලැබුණා.

Kavindya Adhikari Feet 3683796

ඇයටම ආවේනික වූ කටහඬකට උරුමකම් කියන ඇය මෑතක දී ගායනා කරන ලද ‘ ගියත් දමා ‘ ගීතයට බොහෝ ප්‍රේක්ෂක නැරඹුම් වාර ගණනක් තිබූ අතරම එය අතිශය ජනප්‍රිය ගීතයක් බවට පත්වුණා. ඉතින් ඔබ අප කවුරුත් දන්නවා ඇය තවම විවාහය දිවියට පත්වෙලා නැහැ. මින් පෙර ඇයට කවුරුත් දන්න ප්‍රේම සම්බන්ධයක් තිබුනත් මේ වන විට එය ඉතාම සුහදව නතර කරලා තමයි තියෙන්නේ. ඉතින් පසුගිය දිනක දී ඇය එක් වූ එක්තරා යූටියුබ් මාධ්‍ය සාකච්ඡාවක දී ලිවින් ටුගෙදර් concept එක පිළිබඳව සහ ආදරය පිළිබඳව අදහස් දක්වල තිබුණා.

Kavindya Adhikari Feet 3766021

ඇය කියන විදියට විවාහ වෙන්න කලින් දෙන්නෙක්ට දෙන්නෙක් ගැලපෙනවද කියල මුලින්ම බලන්න ඔනේ ලු. මොකද බැන්දාම ප්‍රෙෂර් එක වැඩි නිසා ජීවත් වෙද්දි සමානකම් අසමාන කම් මොනවද කියලා දැනගන්න එක හොඳයි ලු. ඇය කියන විදිහට ලිවින් ටුගෙදර් හොඳටම ජීවත් වෙන අය ඉන්නවලු. ඒ ගැන ඇය කියන්නේ මේ විදිහට.

” ලිවින් ටුුගෙදර් හොඳටම ජීවත් වෙන අය ඉන්නවා. ගැළපෙන් නැත්තම් එකට ඉන්න හොඳ නෑ කවුරුත්. ලෝකෙට පේන්න අනේ මම මේ ලොකු වෙඩින් එකක් ගත්තා කියලා එහෙම ජීවත් වෙන්නෙ ඇයි? මුලින්ම ජීවිතේ තමන් තමන්ව සතුටු කරන්න ඕනි.

49c01aa011b616a58bc583519b9a1917

මටත් සම්බන්ධකම් තිබිලා තියෙනවා. ගැළපෙන් නැති තැන කතාබහ කරලා අයින් වෙලා තියෙනවා. අපරාදේ මෙයාව නැතිකරගත්තෙ කියලා හිතුණු වෙලාවල් තිබ්බා. ඒත් මම හොඳ පැත්තට හිතුවා. හැමදේම වෙන්නෙ හේතුවකට. මම හිතලා වැරදි කරලා නෑ. හරි ආදරයක් ලැබෙනවානම් ඕන කෙනෙක් බැඳෙනවා. ඒ දේ වෙනුවෙන් තමයි හැමෝම ජීවත් වෙන්නෙ. “

ඉතින් මේ විදිහට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

21 616d72001ba5d