උණුසුම් පුවත්
Search
asha

”විවාහ වෙලා ඇයි මම දුක් විඳින්නේ කියලා හිතෙනවා” – ආශා එදිරිසිංහ

359

ආශා එදිරිසිංහ කියන්නෙ කාලයක් පුරාවට පුංචි තිරයේ හුරුබුහුටි නිළියක් විදිහට කාගෙත් ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්. පසුගිය දවසක ඇය ඇගේම කියන ගීතයකුත් එළිදැක්වුවා. වැඩිපුර කතාබහට ලක් නොවෙන ආශා, පසුගිය දවසක යූටියුබ් වැඩසටහනකට එක්වෙමින් පළ කළ අදහස් තමයි මේ……

No photo description available.

“විවාහය කියන මාතෘකාවම හරි ගැඹුරු එකක්. තේරුම් ගන්න අමාරු බැලන්ස් කරන්න අමාරු එකක්….. මිනිස්සු මොනා හරි හිතයි, ඒ නිසා තනියට කවුරු හරි ඉන්න වුවමනා කියන තැන මම නෑ. මගේ වාසනාවට මගේ අම්මයි තාත්තයි අයියයි මේ දේවල් තේරුම් ගත්තා……

No photo description available.

මම කියන්නෙ නෑ මම විවාහ වෙන්නෙ නෑ කියලා. හැබැයි මම දැකලා තියෙනවා විවාහ වෙන්න ඕන නිසා විවාහ වෙලා දුක් විඳින නමට පමණක් ඉන්න පිරිස්….. මට ඒ වෙලාවට හිතෙනවා ඇයි මම දුක් විඳින්නේ. අපි මේ ජීවිතේ හැමදේම කරන්නෙ සතුටින් ඉන්නනේ කියලා…..

No photo description available.

කෙනෙක් විවාහ වෙලත් බොහෝම සතුටින් ඉන්න පුළුවන්.. මං එහෙම ගොඩක් අය දැකලා තියෙනවා. කෙනෙක් සතුටින් ඉන්න පුළුවන් විවාහ වෙලා. වගේම විවාහ නොවීත්. අන්තිමට බලපාන්නේ අපි ජීවිතේ කොච්චරක් සතුටින් ගත කළාද කියන එක…” කියලා තමයි ඇය පවසන්නේ.

No photo description available.