උණුසුම් පුවත්
Search
Untitled design 39

” මම දවස් හතරක් පහක්වත් ජුස් බොනවා ” – උදාරි වර්ණකුලසූරිය

342

උදාරි වර්ණකුලසූරිය කියලා කියන්නේ පුංචි තිරයේ මෙන්ම රිදී තිරයේ ද දස්කම් දැක්වූ ආදරණීය දක්ෂ රංගන ශිල්පිනියක්.ඇගේ හැඩකාර බව වගේම කටකාර බව නිසාත් රසිකයන්ගේ ආකර්ෂණය නිබඳව ඇය වටා එක්රොක් කර ගැනීමට ඇය සමත් වී තිබෙනවා.කලක් පුංචි තිරයේ ඉතා ඉහළ ජනප්‍රියත්වයක් ඉසිලූ ඇය ඉන්පසු කාලයක් කලා ක්ෂේත්‍රය තුළ අපට දකින්නට පුළුවන් වුණේ නැහැ.නමුත් පසු කාලීනව ඇය නැවතත් රංගන දිවියට පිවිසෙන අතර පෙර මෙන්ම රසික ආදරයක් දිනාගැනීමට ඇයට හැකියාව ලැබෙනවා.ඇය විවාහ වී සිටින්නේ වෛද්‍යවරයෙක් සමඟ වන අතර මේ වන විට පුංචි දියණියකගේ ආදරණීය මවක් ද වනවා.මවත් වුවත් තවමත් ඇයගේ සුන්දරත්වය එලෙසින්ම පවත්වා ගැනීමට ඇයට හැකියාව ලැබෙන්නේ ඇයගේ උත්සාහය හා කැපවීම නිසාමයි.ඉතින් අද අපි ඒ පිළිබඳව කතා කරන්න සිතුවා.

128345923 108380391109291 3879136053050853093 n

“මම ඇත්තටම සිනමාපට සඳහා ටෙලි නාට්‍ය සඳහාත් වෙළඳ දැන්වීම් සඳහාත් මගෙ රංගන දායකත්වය දක්වලා තියෙනවා.ඉතින් කාර්යබහුල මවක් විදිහට මගේ එදිනෙදා වැඩ කටයුතු ටික මම හරිම ආසාවෙන් සහ සතුටෙන් තමයි කරන්නේ.කොයිතරම් කාර්යබහුල වුණත් මම මගේ ලස්සන ගැන නිරන්තරයෙන් වද වෙන කෙනෙක්.මොකද කාන්තාවක් උනහම අනිවාර්යෙන්ම ලස්සනට පිළිවෙළට ඉන්න ඕන.කාන්තාවක් සුන්දරව සිටීමට කිසිම වයස් බේදයක් නැහැ.මම හිතන විදිහට ලෝකෙ ඉන්න හැම කාන්තාවක්ම සුන්දරව සිටින්න ඕන.ඒක තමයි කාන්තාවන්ගේ ආභරණය.

Udari Warnakulasooriya 5

මම මගේ ලස්සන වෙනුවෙන් ගොඩක් දේවල් කරනවා.ව්‍යායාම් කරනවා ඒ වගේම මෛත්‍රී භාවනාව හැමදාම වගේ කරනවා.මම කාටවත් වෛර කරන කෙනෙක් නෙවෙයි.සතා සීපාවාට වුණත් මම හරිම ආදරෙයි.එයාලට මම මෛත්‍රී කරනවා.හිත පිරිසිදුව තියෙන එක තමයි ලස්සනට ගොඩක්ම බලපාන්නේ.මම ගොඩක් වෙලාවට කරන දෙයක් තමයි කැරට් ජූස් බොන එක.සාමාන්‍යයෙන් මම දවස් හතරක් පහක්වත් කැරට් ජුස් බොනවා.මොකද කැරට් ජුුස් කියන්නේ සමට ඉතාමත්ම හිතකර පානයක්.” කියලා ඇය පවසා සිටියේ.

උදාරි වර්ණකුලසූරිය කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ සුන්දර රංගන ශිල්පිනියක්.ඉතින් ඇයගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා කියල හදවතින්ම සුබ පතනවා.

87732255 10157745323071488 237346721774960640 n