උණුසුම් පුවත්
Search
hirunika

”මට නම් පිං මන්ත‍්‍රීකම් එපා” – හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

337

රාජ්‍ය ඇමතිනී ඩයනා ගමගේ සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවෙන් ඉවත් වූ පසු එම මන්ත්‍රී ධුරයට තමන් පත් කරන බව බොහෝ දෙනෙකු පවසන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පවසනවා.

නමුත් තමනට පිං මන්ත‍්‍රී ධුර අවශ්‍ය නැති බවයි ඇය කියා සිටින්නේ.

මාධ්‍ය හමුවක් අමතමින් ඇය මේ බව කියා සිටියා.

එහිදී අදහස් දැක්වූ හිටපු මන්ත්‍රීවරිය,

”හුඟක් අය මට කියනවා ඩයනා අයින් උනාම පුරප්පාඩුවට මාව දානවා කියලා. අනේ මම නං කියන්නේ ඔය පිං මන්ත්‍රී කම් මට එපා…. මට තාම හය්යහත්තිය තියෙනවා කැම්පේන් කරන්න. මට තාමත් ජනතාව අතරට යන්න පුළුවන්. රෙස්ටෝරන්ට එකකට ගිහින් කෑමක් කන්න පුළුවන්. කඩේකට ගිහිං බඩුවක් මුට්ටුවක් ගන්න පුළුවන්. මට මගේ දරුවොත් එක්ක මහත්තයත් එක්ක එලියට යන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් තාම නැහැ…”