උණුසුම් පුවත්
Search
Untitled design 23

” දෙව්මි වගේ චරිත නම් ආයේ මට ඕනෙම නෑ ” – නයනතාරා වික්‍රමාරච්චි

311

නයනතාරා වික්‍රමාරච්චි කියලා කියන්නේ ප්‍රේක්ෂකයන් අතර මේ දිනවල දී වැඩි වශයෙන් කතාබහට කතා බහට ලක්වන චරිතයක්.එයට හේතුව වන්නේ ඇය රංගනයෙන් දායක වන දෙරණ නාලිකාවේ විකාශය වන දෙවෙනි ඉනිම ටෙලිනාට්‍යයේ දෙව්මි කියන චරිතය නිසාය.කටකාර හැඩකාර තරුනියකගේ හැසිරීම දෙව්මි චරිතය හරහා නිරූපණය කරන ඇය ඉතා විශාල ප්‍රේක්ෂක ප්‍රතිචාර ප්‍රමාණයක් ඒ වෙනුවෙන් තවමත් ලබා ගනිමින් සිටිනවා.ඒ වගේම තමයි ඇය රයිගම් ටෙලි සම්මාන උළෙලේදීත් සුමති සම්මාන උළෙලේදීත් ජනප්‍රිය නිළියට හිමි සම්මානය එක පිට එක වසරක් පාසා දිනා ගැනීමට හැකියාව ලැබුනේ ඇයගේ දක්ෂතාවය නිසාත් ඇයට ලැබුණු ප්‍රේක්ෂක ආදරය නිසාත් ය.

226264683 367177068109988 568211156273158289 n

ඇයගේ පළමු ටෙලි නිර්මාණය වන්නේ “හංස පිහාටු” වන අතර පළමු සිනමාපටය වන්නේ “එක දවසක අපි” චිත්‍රපටය වෙනවා.එම චිත්‍රපටය ඔස්සේ ද අතිශය ප්‍රේක්ෂක ජනාදරයක් ලබා ගැනීමට හැකියාව ලැබෙන ඇය තවත් නිර්මාණයන් රැසක් සඳහා සිය රංගන දායකත්වය ලබා දුන්නා.ඇයගේ වූ දිගු වරලසත් සුන්දර පෙනුමත් නිසා කලා ක්ෂේත්‍රයට ඇය ලබා දෙන්නේ මහත් වූ ආලෝකයක්.ටෙලි නාට්‍ය නිර්මාණ සහ සිනමාපට සඳහා පමණක් නොව වෙළඳ දැන්වීම් ක්ෂේත්‍රයේ ඔස්සේද ඇය ඇගේ කුසලතාවය විදහා දක්වනවා.මේ වන විට බොහෝ වෙළඳ නිර්මාණයන් වලට රංගනයෙන් සහභාගි වී සිටින ඇය සැබැවින්ම දක්ෂ කලාකාරිනියක් වනවා.

3f8d8b45530a9648795d423bb2e6f9e1

ඇය එක් වූ එක්තරා සාකච්ඡාවක දී ඇය පවසා සිටියේ දෙවනි ඉනිම ටෙලි නාට්‍යයේ දෙව්මි චරිතය ඔස්සේ ඇයගේ ජීවිතයේ විශාල පෙරළියක් සිදු වූ බවත් ඇය ලබා ගත් වැඩිම සම්මානයන් වලට දෙවෙනි ඉනිම ටෙලිනාට්‍ය හේතු වූ බවත්‍ ය.ඒ වගේම තමයි ඇය වැඩිදුරටත් පවසා සිටියේ නැවතත් දෙව්මි වැනි චරිතයක් රඟපෑමට කැමැත්තක් නැති බවත් විවිධාකාර චරිත ඔස්සේ සිය කුසලතාව දැක්වීමට ඇය කැමැත්තෙන් සිටින බවත් ය.ප්‍රවීණ රංගන වේදීන්ගෙන් පවා පැසසුම් ලද ඇය සැබැවින්ම රංගන ක්ෂේත්‍රයේ සිටින නවක රංගන ශිල්පීන්ගෙන් කැපී පෙනෙන දක්ෂතාවයක් නිරූපණය කරන්නේ ඇගේ වූ සහජ හැකියාව නිසාමයි.

ඉතින් ඇගේ හැකියාව එක් චරිත කාණ්ඩයකට සීමා නොකර විවිධාකාර පැතිකඩ ඔස්සේ උකහා ගැනීම අධ්‍යක්ෂකවරයා සතු වගකීමකි.ඉතින් ඇගේ රංගන ජීවිතයට සුබ පතන අතර ම ඇගේ සියලුම බලාපොරොත්තු ඉටු වේවා කියල හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

272199318 482388146588879 5507572508522195738 n