උණුසුම් පුවත්
Search
harshana

”මම වැඩිය සමාජ මාධ්‍ය භාවිත කරන කෙනෙක් නෙවේ, ආරාධනා නොලැබෙන්නේ ඒ නිසා වෙන්න ඇති” – හර්ෂණ බෙත්මගේ

159

හර්ෂණ බෙත්මගේ කියන මේ තරුණ රංගන ශිල්පියා කාලයක් ටෙලිනාට්‍ය ක්ෂේත්‍රය තුළ ආදරණීය පෙම්වතාගේ චරිතයට ඒ වගේම දුෂ්ඨයාගේ චරිත රැසකටත් රඟපෑමෙන් දායකත්වය දක්වපු තරුණයෙක්.

No photo description available.

මේ දවස්වල ස්වාධීන රූපවාහිනී විකාශය වන ජානු ටෙලි නිර්මාණය හරහා හර්ෂණ බෙත්මගේ කියන මේ රංගන ශිල්පියාව අපිට දැක බලා ගන්න අවස්ථාව උදාවෙලා තියෙනවා.

No photo description available.

ආදරේ කියන තැනදී ඒ වගේම විවාහයේදී යම් යම් හැල හැප්පීම් සිද්ධ වුණත් අද වෙද්දී හර්ෂණ තවත් ආදරණීය තරුණියක් සමග ජීවිතය සතුටින් ගත කරනවා. ඒ වගේම ඔහු දැන් ආදරණීය තාත්තා කෙනෙක්. ඒ වගකීම් එක්ක ජීවිතය තුළ ඉතාමත් නිදහසේ ගත කරන හර්ෂණ බොහොම කාලෙකින් කලාව පැත්තට යොමු වීම පිළිබඳව කිව්වේ මේ වගේ කතාවක්…..

No photo description available.

“ඔව්. ඇත්තටම ටික කාලයක් කලාවෙන් අෑත්වෙලා හිටියා. වැඩ වලට ආරාධනා ලැබුණෙත් නැහැ. මම වැඩිය සමාජ මාධ්‍ය භාවිත කරන කෙනෙක් නොවන නිසා මට අවස්ථා නොලැබෙන්න ඒකත් හේතුවක් වෙන්න ඇති. ආරාධනා කිහිපයක් ලැබුණා. ඒ අතරින් තෝරාගත් නිර්මාණ කිහිපයකට මම සහභාගි වුණා. නිර්මාණ තෝරාගැනීමේදී එහෙම ලොකුවට චරිත තෝරන කෙනෙක් නෙවෙයි මම. දැන් නැවතත් මාව රූපවාහිනි තිරයේ දකින්න ලැබෙන නිසා සුපුරුදු පරිදි ටෙලිනාට්‍ය සඳහා ආරාධනා ලැබෙනවා.”

දැන් ඔහු නැවතත් කලාවට අවතීර්ණ වෙලා. ඒ නිසාම ඒ සියලු වැඩ කටයුතුත් දිනෙන් දිනම සාර්ථක වේවා කියා අපිත් හදවතින්ම ප්‍රාර්ථනා කරන්නෙමු.