අපේ රටේ ප්‍රවීණ ගායන ශිල්පියෙක් වන වික්ටර් රත්නායකයන් ගැන පහුගිය කාලය පුරාවටම අතිශයින් කතා බහට ලක්වුණේ ඔහුගේ විවාහය සහ මීට ටික කාලයකට පෙර ඔහු අසනීප වූ නිසයි. කොහොම නමුත් අද වන විට වික්ටර් රත්නායකයන් අඩුවෙන් තරහා යාම හා ඉවසීමේ ගුණය ප්‍රගුණ කර සුවෙන් කාලය ගත කරන බවට තොරතුරු වාර්තා වනවා.
ඉතින් ඕනෑම කෙනෙක් මුහුකුරා යන්න යන්න ඉවසීම ප්‍රගුණ කරන්න ඕන කියලයි ඔහු කියන්නේ. ඒ වගේම ආවේග පාලනය කරන්න ඕනලු. ඉතින් ගත වියපත් වෙද්දි සිතින් තරුණ වෙන්න පුළුවන් නම් ගතත් ඊට අනුරූප වෙනවා කියලයි ඔහු කියන්නේ…. ඒ වගේම අපිට අහිමි වූ දේවල් ගැන නොසිතා ලද දෙයින් සැනසෙන්න ඕනේ කියලත් ඔහු පවසනවා.
ඒ වගේම ඔවුන්ට මොනතරම් විවේචන එල්ල වුණත් ඔහු උපේක්ෂාවෙන් ඉවසනවාලු. ඉතින් ඔවුන් දෙන්නා ප්‍රශ්න ගැන, අහිමි වූ දේවල් ගැන, නැතිවූ දේවල් ගැන කථා කරන්නෙ, ශෝක වෙන්නෙ, තැවෙන්නෙ නැහැ කියලයි ඔහු කියන්නේ. ඉතින් දැන් එදිනෙදා ගතකරන ජීවිතය විඳවන්නේ නැතුව සතුටින් විඳිනවා කියලත් ඔහු කියනවා…..
ඉතින් ඒ වගේම ඔහුගේ බිරිඳ පවසන විදිහට රෝහල් දෙකක, ලංකාවේ හොඳම විශේෂඥ වෛද්‍යවරුන් කණ්ඩායමකගේ සුවිශේෂ අධීක්ෂණය යටතේ තමයි ඔහුට ප්‍රතිකාර කරලා තියෙන්නේ… ඒ වගේම වික්ටර් ජීවත් වෙන්නෙ පැය 48යි කීවාම ඇයගෙ මුළු ලෝකයම කඩා වැටුණා වගේලු ඇයට දැනුනේ. ඒ වගේම එදා පටන් ළඟින් හිටිය ඔවුන්ව අත් නොහරියි කියලා හිතපු සමහර අය ඔවුන්ව අතැර ගියාට ඔවුන් බලාපොරොත්තු නොවූ සමහරු ඔවුන්ට පුදුම විදිහට උදව් කළා කියලත් ඇය කියනවා.
ඉතින් වික්ටර්ගේ ජීවිතය බේරාගන්න ඇයගේ වාහනය විතරක් නෙමේ සන්තකයම වුණත් අහිමි වෙන එක ගැන ඇය දෙවරක් හිතුවෙ නැහැලු. ඉතින් රෝහලේදී මාස ගණනාවක් ඇය වික්ටර්ගේ ළඟට වෙලාම හිටියාලු.
ඒ වගේම සාමාන්‍යයෙන් එවැනි රෝගී තත්ත්වයකින් පසු හැම දෙයක්ම යළි ප්‍රකෘති තත්ත්වයකට පත්වන්නේ ක්‍රම ක්‍රමයෙන් කියලයි ඇය කියන්නේ. ඉතින් ඔවුන් වෛද්‍ය උපදෙස් නිවැරදිව පිළිපැද්දාලු. කටහඬත් ඒ අනුව ක්‍රම ක්‍රමයෙන් සුපුරුදු තත්ත්වයට පත් වුණාලු. ඒ වගේම ඔවුන් අදහන ආගමත් ඔවුන්ට පිහිට වුණා කියලයි ඇය කියන්නේ. ඉතින් අදටත් ඇය ඔහු ගැන සොයන බලන එක, අත්හැරලා නැහැ කියලත් ඇය කියනවා. ඒ වගේම කවුරු මොන දේ කිව්වත් ඇයයි ඔහුයි බොහෝම සතුටින් ජීවත් වෙනවාලු. ඉතින් මොන දේ වුණත් ඔවුන් එකට ඉන්නවාලු.