රටම ආදරය කරන රංගන ශිල්පිනියක් තමයි ”පබා” නොහොත් උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ.
ඉතින් පෞද්ගලික ජීවිතය තුළ හැලහැප්පීම් ගණනාවකට මුහුණ දීලා ඇය මේ වෙන කොට විවාහ 02කට සමු දී තමයි ඉන්නේ.
කොහොම නමුත් දෙවන විවාහයෙන් ඇයට දියණියක් ද සිටිනවා.
ඉතින් මේ වන විට ඇය එම දියණිය සමඟින් තමයි ජීවත් වෙන්නේ.
පසුගිය දා උපන්දිනය සැමරූ උපේක්ෂා ඇගේ දියණිය සහ මව නොමැතිව තමයි සමරන්නේ.
උපන්දිනයට උපේක්ෂා උපන්දින කේක් දෙක තුනක්ම කපලා තිබුණා. ඇගේ මේ ඡායාරූප පෙළේ එක ඡායාරූපයක රංගන ශිල්පිනී මොරීන් චාරුනී ඉන්න නිසා රූගත කිරීම් අතරතුරත් ඇය උපන්දිනය සමරලා තියෙන බව අනුමාන කරන්න පුළුවන්.
මේ උපන්දිනයට ඇයට රන් මාලයක් ද තෑගි ලැබිල තියෙනවා.
මේ තියෙන්නේ උපේක්ෂා ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුණු ඇගේ උපන්දින සැමරුම් මතක සටහන්…
”මේ උපන්දිනය ආශිර්වාදයක් මිස අන් කිසිවක් නොවීය.. මට ලැබුනු සියල්ල මා පළ කරන්නේ නැත, නමුත් මට කීමට ඇත්තේ මට ආදරය හා අගය කිරීම ගැන ඔබ සැමට නැවතත් ස්තූතියි කියන දේ පමණයි”