උණුසුම් පුවත්
Search
tharindi

”මම කාටවත් ආදරේ කරන්නේ නෑ” – තරින්දි ප්‍රනාන්දු

1733

තරින්දි ප්‍රනාන්දු නව පරපුරේ අපිට සිටින තරු අතර ඉතාමත් ආකර්ෂණීය ඒ වගේම දක්ෂ තාරකාවක්. මේ දිනවල සාර්ථකව තිරගත වන සුරංග ද අල්විස්ගේ “ද ගේම්” චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවක් නිරූපණය කරමින් රිදී තිරයට ද තරින්දි ප්‍රවිෂ්ට වී තිබෙනවා. ඒ එක්කම එකිනෙකට වෙනස් වූ චරිත තුළින් ද සිය ප්‍රේක්ෂකයා අතරට එන්න තරින්දිට පුංචි තිරයේ අවකාශයන් බොහොමයක් ලැබී තිබෙනවා. තරින්දි අද වෙද්දී රංගනයෙන් වගේම නර්තනයෙන් දස්කම් පාන අතිශය කාර්ය බහුල රංගන ශිල්පිනියක්.

බැංකු ක්ෂේත්‍රයේ රැකියාවකින් පසුව කලාවට පිවිස ප්‍රේක්ෂක ආදරය ඉහළින්ම දිනාගෙන කලාවේ දිගු ගමනක් යන තරින්දි ප්‍රනාන්දු සමඟ කළ ඇගේ මේ දවස් වල අලුත්ම විස්තර ගැන පුවත්පතක් සමඟින් මෙලෙස පවසා තිබුනා.

”මේ ගෙවෙන්නේ “ද ගේම්” චිත්‍රපටයට ලැබෙන උණුසුම් ප්‍රතිචාර එක්ක. මම ප්‍රධාන චරිතයකින් දායක වුණු ප්‍රථම සිනමා නිර්මාණය සුරංග ද අල්විස් අයියාගේ “ද ගේම්”.ඒ ප්‍රතිචාර අතරේ සිනමා ප්‍රේක්ෂකයින් සේම මේ සිනමා ක්ෂේත්‍රයේ දැවැන්තයින්ගෙන් ‍ෙජෂ්ඨයින්ගෙන් ලැබෙන ප්‍රතිචාර ඉතාමත් ඉහළයි. ඒනිසා දරා ගන්න බැරි තරමටම පුදුම සතුටක් සහ නිහතමානී ආඩම්බරයක් තියෙනවා ලැබෙන ප්‍රතිචාර එක්ක. මට සිනමා නිර්මාණ කිහිපයකටම ආරාධනා ලැබුණා. මේ දවස් වල ලැබුණු පිටපත් කියවලා බලනවා.

image 183

පුංචි තිරයේ මේ දවස් වල නිර්මාණ කිහිපයකින්ම මම ප්‍රේක්ෂකයින් අතරට ඇවිත් තියෙනවා. හිරු නාළිකාවේ “රැල්ල වෙරළට ආදරෙයි හි කැතරින්, ITN නාළිකාවේ පිච්ච මල් සුවඳයි හි කුසුමලතා සහ VTV හි විකාශය වන රෝස සංධ්වනිය හි සුලෝචනාගේ චරිතය. ඒ හැම චරිතයක්ම එකිනෙකට වෙනස්. ඒ නිසාම නාලිකා තුනක විකාශය වන මේ ටෙලි නිර්මාණ තුනටම ප්‍රේක්ෂකයින්ගේ ඉහළ ප්‍රතිචාර මට ලැබෙනවා.

5 6

ඇත්තටම කියන්න සතුටුයි කොයිම කාලෙකවත් මම සම්බන්ධ වුණු ටෙලි නිර්මාණ වල මම එකම චරිතයක් කරලා නැහැ. ඒක තමයි මට ලැබුණු භාග්‍යය කියලා මම හිතන්නේ. මම චරිත භාර ගනිද්දී වුණත් එකහා සමාන චරිත භාර ගන්නේ නැහැ. මට දෙයක් කරන්න පුළුවන්. එකිනෙකට වෙනස් වූ මිනිසුන්ට ආදර්ශමත් චරිත තමයි මම තෝරා ගන්නේ.

මගේ රූපය මට වාසනාව ගේනවා කියලා මම හිතනවා. හේතුව තමයි මම දන්නවා මගේ රූපය ඕනෙම චරිතයකට, ඕනෙම කෝණයකට හැඩගස්වා ගැනීමේ හැකියාවක් තියෙනවා කියලා. ගැමි චරිතයක් නම් ඒ විදියට. බටහිර චරිතයක් නම් ඒ පෙනුමට මාව හැඩගස්වා ගැනීමේ නම්‍යශීලි ගුණයක් මම දකිනවා. ඒ නිසාම වෙන්න ඇති අධ්‍යක්ෂවරු විවිධ චරිත වල‍ට මාව තෝරා ගන්නේ.“

image 185

තරින්දි පවසන්නේ තමන් ගැනම උපන් නිහතමානි හැඟිමකිනි.

“මම රඟපාන හැම චරිතයක් ගැනම අධ්‍යනය කරලා තිරපිටපත කියවලා ඒ හැම චරිතයක්ම හරිම ආදරෙන්, හරිම ආසාවෙන් නිරූපණය කරන්නේ. සාමාන්‍ය ජිවිතේ දී තරින්දි කියන්නේ ෆැෂන් කරන්න ආස, ලස්සනට ඉන්න කැමති කෙනෙක්. සමහර චරිත වලට මට ගොඩක් කැපකිරීම් කරන්න සිද්ධ වෙනවා. ඒ නිසා හැම චරිතයක්ම මට විශේෂ වූ චරිත. ඒ හැම චරිතයකටම මම ආදරෙයි. නමුත් මෑත කාලයේ මම ගොඩක් ආදරේ කරපු චරිතයක් තමයි ITN නාලිකාවේ විකාශය වුණු සුමිත් රත්නායක මහතාගේ “මහ පොළව” ටෙලි නාට්‍යයේ අනෝහාමිගේ චරිතය. ඒක මට ගොඩක් සමීප චරිතයක්.”

image 180

නිළියක් ලෙස දිගු ගමනක් යන්නට බලා පොරොත්තුවෙන් හිඳින තරින්දි තමන් කලාවට පිවිසියේද කිසිවෙක් නොසිතු මොහොතකය.

“අවුරුදු පහක් මම පෞද්ගලික මුල්‍ය ආයතන දෙකක සහ පෞද්ගලික බැංකු ආයතන දෙකක සේවය කරලා රංගනයට ආව කෙනෙක්. ඒ ආයතන වලත් වැඩ කරද්දී මම මගේ උපරිමය ඒ ආයතන වලට දීලා තියෙනවා. බැංකුවේ දීත් ගොඩක් බාහිර ක්‍රියාකාරකම් වල‍ට ක්‍රීඩාවන්ට දායක වෙලා වැඩ කළා. නමුත් මගේ දෛවය මාව රංගන ශිල්පිනියක් බවට පත් කළා. දැන් මම ගොඩක්ම ආදරේ කරන්නේ රංගන ක්ෂේත්‍රයට.

image 181

මම ඉදිරියේදී මගේම ව්‍යපාර කටයුත්තක් පටන් ගන්න ඉන්නවා. ව්‍යපාර පැත්තට වැඩි කාලයක් ලබා දෙන්න වීමත් එක්ක සමහර විට මම රංගනය තරමක් සීමා කරයි. හැබැයි කවදාවත් මම රංගනය අත හරින්නේ නැහැ.

ජනප්‍රිය සහ ප්‍රසිද්ධ කියන්නේ වචන දෙකක්. ජනප්‍රිය වීම කියන්නේ ජනයාට ප්‍රියයි කියන එකනේ. ඉතින් අද සමහර වෙලාවට සම්මාන උළෙලවල් වලදී ජනප්‍රියතාව මනින මිනුම් කෙතෙක් දුරට සාර්ථක ද කියන සැකය තියෙනවා. නමුත් මට ජනප්‍රිය කියන එක සම්මානයකින් ගන්න අවශ්‍යය වෙන්නේ නැහැ. අපි එළියට බැස්සම සාමාන්‍යය ප්‍රේක්ෂකයගෙන් ලැබෙන ප්‍රතිචාර එක්ක, මගේ චරිත වල‍ට ලැබෙන ප්‍රතිචාර එක්ක මගේ ජනප්‍රියතාව සම්මානයකින් ඔප්පු කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මම කැමතියි දක්ෂ කියන අංශයෙන් මට ඇගයීමක් ලැබෙනවා නම්. හැබැයි කවදාවත් මම සම්මාන බලාගෙන වැඩ කරන්නේ නැහැ. “

image 182

යොවුන් වියේ හිදින හැඩකාර ඇයගෙන් ආදරය ගැන ඇහුවාම ඇය දුන්නේ මේ වගේ උත්තරයක්…..

“ආදරේ කියන්නේ අපි පෘතග්ජන මිනිස්සු විදියට අපිට දැනෙන හැඟෙන දෙයක්. ඉපදුන දා ඉඳන් මැරෙනකම්ම අපි ආදරේ බලාපොරොත්තු වෙන දෙයක්. ඒ නිසාම ජිවිතෙකට නැතුවම බැරි දෙයක් විදියටත් මම ආදරේ දකිනවා. එක එක කාල වලට අපේ ජිවිත වලට එක එක අය එනවා යනවා. විටෙකදි අහිමි වීම් වෙනවා. ඒ නිසා මගෙ අම්මාගෙන් තාත්තාගෙන් එහාට මම තවත් කෙනෙක්ව විශ්වාස කරන්නේ නැහැ. ඒ නිසා මම කාටවත් ආදරේ කරන්නේ නෑ.“

image 184

අනුෂා රණසිංහ


TAG


Leave a Reply

Your email address will not be published.