උණුසුම් පුවත්
Search
athma

”මම ආස නෑ කිසිම කෙනෙක් තව කෙනෙක්ට අයිති සින්දු කියලා ඉස්සරහට එනවට” – ආත්මා ලියනගේ

615

එදා මෙදා තුර ප්‍රසංග වේදිකාවේ තමාට අනන්‍ය වූ හඬ පෞරුෂයෙන් රසික හදවත් සනහාලූ ඔහු සිය හඬින් ගැයූ ලියතඹරා, සිහින ලොවේ, රෑ අහසේ, සමනොලියා , දිව රෑ ගෙවෙනවා, බාරයි දෙයියෝ ආදී ගීත රසික හදවත් තුළ අතිශය ජනප්‍රිය විය. ඒ අතර චමින්ද රාජරි පද රචනා කළ නික්සන් පීරිස් තනු නිර්මාණයෙන් හ සංගීත නිර්මාණයෙන් දායක වූ ආත්මා ගයන “සඳට තනිවම ඉන්න බැරි බව“ මේ දිනවල බෙහෙවින් ජනප්‍රිය ගීයකි. සජීවී එළිමහන් වේදිකාවට පමණක් සීමා නොවූ ඔහු අපේ රටේ දක්ෂ ගායන ශිල්පියෙකි. එසේම වාදකයෙකි. විටෙක තනු නිර්මාණ ශිල්පියෙකි. එදත් අදත් රසිකයන් බෙහෙවින් ආදරය කරන ඔහු ආත්මා ලියනගේ. මේ කතාබහ උපුටා ගන්නේ ඔහු පුවත්පතක් සමඟ කළ සාකච්ඡාවකින් අනතුරුවයි.

May be an image of 1 person and standing

”මගේ පවුලේ ඉන්නේ මගේ බිරිද අමාලි චාන්දනී හේරත් ඇය සංගීත ගුරුවරියක් විදිහට සේවය කරනවා. ඒ වගේම පුතාලා දෙන්නා මයුර සහ කුමරු. මගේ දියණිය තිනුලි දහම්සා…. මේ වෙනකොට මගේ ලොකු පුතා මයුර, ඔහු විවාහ වෙලා දැන් ඔහුට පොඩි දරුවන් ඉන්නවා. මගේ අලුත් බෑන්ඩ් එක “ආත්මා ලියනගේ විත් ෆෙදර්“. මගෙ පුතාලා දෙන්න එහි වැඩකටයුතු වලට සම්බන්ධ වෙලා ඉන්නවා. ඒ කටයුතු සාර්ථකව කරගෙන යන්න පුතාලා දෙන්නාගෙන් මට ලොකු සහයෝගයක් ලැබෙනවා.”

”ගීතයක් ගායනය සහ ගීතයක් කියනවා කියන්නේ දෙකක්. ගායනය කියන්නේ අලුත් ගීතයක් ලියලා තනු නිර්මාණය කරලා තමන්ගේ ඇඟේ තියන සංගීතමය හැකියාවන් එළියට අරගෙන ඒ දක්ෂතා ඔප මට්ටම් කරන්න ගන්න උත්සාහයක්. ඇත්තටම ගීතයක් නිර්මාණය කරගෙන ඒක ගායනා කරන පුද්ගලයා තමයි සැබෑම ගායකයා වෙන්නේ. මම කියන්නේ වෙනත් අයගේ ගීත ගායනා කරනවා නම් යම් කෙනෙක් ඔහු කරන්නේ ගායනයක් නෙමෙයි. ඒ අය කරන්නේ ඒ ගීතය කියනවා. දැන් මගේ ගීතයක් ගත්තොත් ඒ ගීතයේ ගායකයා වෙන්නේ මම. වෙනත් කෙනෙක් කරන්නේ ඒක කියන එක විතරයි. මගේ දරුවෝ දෙන්නත් උත්සාහ කරන්නේ එයාලගෙම අලුත් ගිතයක් නිර්මාණය කරගෙන ඒක ගායනා කරලා ඒ හරහා අනන්‍යතාවක් නිර්මාණය කරගන්න. ඇත්තටම විය යුත්තේත් ඒකමයි. එය තමයි සැබෑ ගායකයාගෙන් විය යුත්තේ….”

”මේ වෙනකොට ඉතාම හොඳ දක්ෂ පිරිසක් අපේ ක්ෂේත්‍රයට ඇවිත් ඉන්නවා. මම ඒ අයට දෙන උපදේශය තමයි තමන්ගේ කියලා නිර්මාණය කරගත්ත ගීත ගායනා කරන්න. කවුරු හරි පද ටික ලියාගෙන ඇවිත් මට කිවුවොත් තනුව නිර්මාණය කරලා දෙන්න කියලා. මම මගේ වෘත්තියට අදාළව ඒ සඳහා උදව් කරනවා. නැත්තම් මම ආස නෑ කිසිම කෙනෙක් තව කෙනෙක්ට අයිති සින්දු කියලා ඉස්සරහට එනවට. ඒත් දැන් වෙන්නෙත් ගොඩක් ඒකම තමයි. ගීතයේ සැබෑ ගායකයා ගෙදර. වෙනත් කෙනෙක් තමයි වේදිකාවේ සින්දු කියන්නේ. ඒ ගැන ඇත්තටම කනගාටුයි. විශේෂයෙන්ම කියන්න ඕන එහෙම අයට පැවැත්මක් නෑ…”

No photo description available.

”ඉදිරියේදී මම සහ මගේ බිරිය ගායනා කරන යුග ගීතයක් එන්න තියනවා. ඊට අමතරව වැඩ කටයුතු අවසන් කළ ගීත කීපයක්ම තියනවා. ඒවත් ඉස්සරහට රසිකයන් වෙනුවෙන් ගීතවත් වෙන්න නියමිතයි. ඒත් එක්කම ආත්මා ලියනගේ විත් ෆෙදර් සංගීත කණ්ඩායමත් එක්ක මගේ ලියතඹරා ප්‍රසංගය ඉස්සරහට කරන්න බලාපොරොත්තු වෙනවා.”