උණුසුම් පුවත්
Search
sheril

”මම උයන වෙලාවට කවුරුත් කුස්සියට එනවට මං කැමති නෑ” – ෂෙරිල් ඩෙකර්

160

ශෙරිල් ඩෙකර් කියූ සැණින් ඕනම කෙනෙක් ඇය ගැන දන්නවා. බොහෝ දෙනෙක් ආදරය කරන ඇය ආදරණීය කලාකාරිනියක්. ඒ වගේම ෂෙරීල් කියනවට වඩා බොහෝ දෙනෙක් ඇයට කියන්න පටන් ගත්තේ ”අමා” කියලයි. ඒකට හේතුව ස්වාධීන රූපවාහිනී විකාශය වූ අමා ටෙලි නිර්මාණය ඇය ප්‍රධාන චරිතය නිරූපණය කරපු නිසයි.

May be an image of 1 person and smiling

ඊට පස්සේ නම් ටෙලි නිර්මාණ එක්කවත් සිනමා නිර්මාණ එකවත් ඇයව දැක බලා ගන්න අවස්ථාව ලැබුණේ නැහැ. ෂෙරිල් විවාහ වුණේ ක්ෂේත්‍රයේ තවත් අති දක්ෂ ගායකයෙක් වෙන රුවන් හෙට්ටිආරච්චි සමඟයි. ඔහුගේ ගීත වල මියුසික් වීඩියෝ වල නම් ඇය විවිධ චරිත නිරූපණය කරලා තියෙනවා.

No photo description available.

ශෙරිල් ගැන කතා කරද්දි ඇය කලාවෙනුත් ඈත් වෙලා ගෙදර දොර වැඩ කටයුතු කරගෙන තමයි කාලය ගත කරන්නේ. නිතරම පෝෂදායි කෑම ආහාරයට එකතු කරගන්නා ඇය කෑම පාලනය කරන එක නම් අකුරටම කරන කෙනෙක්. කලින් ඇය කෑම පාලනය කරන්න ජිම් යනවා. හැබැයි දැන් නම් ගෙදර ඉඳන් තමයි වර්ක් අවුට් කරන්නේ….

ඉතින් කෑම බීම පිළිබඳව කතා කරද්දි ශෙරිල්’ ඇය ගෘහණිය කියන භූමිකාව තුළ ඇය කරන දේවල් කිව්වේ මේ විදිහටයි.

May be an image of 1 person and sleepwear

“මම තමයි ගෙදර කෑම හදන්නේ. මම උයන වෙලාවට කවුරුත් කුස්සියට එනවටවත් කැමති නැහැ. ගෙදරදී නිතරම රයිස් ඇන්ඩ් කරි හදනවා…. මම පලා වර්ග කන්න, එළවළු අමුවෙන් නැවුම් ගතියට වෙලා කන්න හරිම ආසයි. ගොඩක්ම කන්න කැමති වට්ටක්කා. ඒ වගේම මස් වර්ග වලට වඩා මම මාළු වර්ග කන්න කැමතියි. හාල්මැස්ස කන්න ආසයි. සාමාන්‍යයෙන් මම පැණි රස කෑම ලොකුවට කන්න කැමැත්තක් නැහැ”

May be an image of 2 people, henna and wedding