උණුසුම් පුවත්
Search
shashi

”බූට් සිංදු වල හොටු පෙරාගෙන අඬන නිසාද දන්නේ නෑ මට ලව් හරියන්නෙම නෑ” – ශෂී ඇන්ජලිනා

182

ගීත වල රූප රචනා නිසාම මතක රැසක් සටහන් කරපු සුන්දර වගේම අහිංසක රංගන ශිල්පිනියක් තමයි ශෂී ඇන්ජලීනා කියන්නේ. පසුගිය කාලයේ ඇය පෝර්ක්වීදියේ මන්දාකිණි වගේම සකලගුරු භූති ලෙසින් ඔබ හමුවට ආවා… මේ කතාබහ ප්‍රේක්ෂක ආදරය දිනාගත් ශෂී ඇන්ජලීනා සමගයි.

image 174

ශෂී දැන් වැඩිය පෙන්න නෑ, ඇයි ඒ ?

‘‘කලින් නම් ටෙලිනාට්‍ය දෙකක් කළා, මට තව නිර්මාණ කිහිපයකටම ආරාධනා ආවා… හැබැයි මම බාරගත්තේ නෑ, එත් පහුගිය කාලයේ එක මියුසික් වීඩියෝ එකකට සම්බන්ද වුනා…”

image 173

ශෂී වැඩිපුරම ජනප්‍රිය වුනේ මියුසික් වීඩියෝ හරහා, හැබැයි දැන් ඔබ වැඩිය මියුසික් වීඩියෝ හරහාත් පෙන්න නෑ, ඇයි ඒ ?

”මෙහෙමයි… මම කාලයක් මියුසික් වීඩියෝ ගණනාවකටම මගේ රංගන දායකත්වය ලබා දුන්නා…. මම ගොඩක් කලේ බූට් කාපු සින්දු අඬන සින්දු, ඉතින් මට බූට් කාලා අඬන සිංදුවල රඟපාලා එපා වුනා, ඉතින් මම තීරණය කළා ආයේ නිර්මාණ බාරගන්නේ තෝරලා බේරලා විතරයි කියලා…. මොකද මට ඕන වුනා එතැනින් එහාට යමක් කරන්න… හැමදාම එකම තැන පලවෙන්න ඕන නෑ………. අපි බලන්න ඕන දවසින් දවස අඩියක් හරි ඉදිරියට යන්න…..”

image 172

ශෂීට ජීවිතේ පසුතැවීම් එහෙම තියෙනවා?

”බොරු මොකටද……. මට මගේ ජීවිතේ පසුතවීම් ගොඩක් තියෙනවා… වැඩිපුරම පසුතැවීම් තියෙන්නේ කලාව පැත්තෙන්, මම ආසාවෙන් දෙයක් කරලා ඉදිරියට යද්දී මගේ ලඟින්ම හිටපු කලාවට සම්බන්ධ අය මට වල කපපු වාර අනන්තයි, මට හිතාගන්න බෑ ඒ අය ඇයි එහෙම කරන්නේ කියලා….. මට ඒ ගැන හිතද්දී හරියට කලකිරෙනවා, ඒ හින්දා මම දැන් වැඩිය වැඩ නැතුව මගේ වැඩක් කරගෙන පාඩුවේ ඉන්නවා….”

image 171

ශෂී ආදරය ගැන මොකද හිතන්නේ?

”ආදරය හරිම සුන්දරයි…. හැබැයි මට ඒ සුන්දරත්වය වැඩිය විඳින්න ලැබෙන්නේ නෑ, බූට් සිංදු වල හොටු පෙරාගෙන අඬන නිසාද දන්නේ නෑ මට ලවු හරියන්නෙම නෑ…. මම රැවටෙනවා විතරයි… ඉතින් මම තීරණය කළා තවත් ආදරේ ගැන හිතන්නේ නෑ කියලා, හැබැයි ඉතින් මට ඇත්තට ආදරේ කරන කෙනෙක් ලැබුනොත් මගේ අදහස වෙනස් වේවි….. හැබැයි එකට ලොකු කාලයක් යාවි, මොකද දැනටත් මගේ හිත හොඳටම රිදිලා තියෙන්නේ….”

image 170