දුලීකා මාරපන කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ බිහි වුණු දක්ෂතාවයෙන් ඉහළින්ම සිටින රංගන ශිල්පිනියක් බව අවිවාදිතයි. කාලයක් තිරයේ නොපෙනී සිටි ඇයව හදිසියේ රෝහල්ගත කර ඇති බව ආරංචි වුණා. ඇය මව්පදවිය ලබන්නට සූදනම් වෙනව ද? කියලා ප්‍රශ්නයක් පසුගිය කාලේ හැමෝටම තිබුනා.
ඒ ඇය රංගනයෙන් දායක වුණු නවතම ගීත රූප රචනාවක රූගත කිරීම් අතරවාරයේ ගත් ඡායාරූපය බව ඇය නැවතත් ඇගේ සමාජ මාධ්‍යවල පළ කරලා තිබුනා. දුලීකා මෑතකදී පුවත්පතක් සමඟ කළ සම්මුඛ සාකච්ඡාවකදි සිය සැමියා වූ සුජීව ගැන ඇසූ පැනයකට හරි අපූරු පිළිතුරක් ලබාදුන්නා…..
මේ තියෙන්නේ පැනය සහ ඊට ඇය ලබාදුන් පිළිතුර….
“සුජීවගේ හමුවීම ඔබගේ ජීවිතයේ හොඳම හමුවීම කියලා ඔබ හිතනවද?
‘එයා හොඳම හමුවීම ද කියන්න මම දන්නෙ නැහැ…… ඊට වඩා හොඳ කට්ටිය ඉන්නවද කියලා මම දන්නෙත් නැහැ. නමුත් මම විශ්වාස කරනවා මට මේ තරම් පහසු ගමනක් ලැබුණෙ සුජීව අයියා නිසා කියලා…..
සුජීව අයියා කියන්නේ මාව හොඳින්ම තේරුම් ගත් කෙනෙක්. ඔහු නිර්මාණකරණය තුළ වගේම ජීවිතය තුළත් ලොකු නිදහසක් මට ලබා දී තිබෙනවා. ඒ නිසා මට අතපය දිග ඇරලා හුස්ම ගන්න පුළුවන්. සුජීව අයියා කිසිවිටෙක මගෙන් සම්ප්‍රදායික චරිතයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ…..” කියලා තමයි ඇය සඳහන් කර තිබුණේ.
කෙසේ නමුත් අපේ රටේ රංගන ශිල්පීන්ගේ යුග ජීවිත පිලිබඳ නිරන්තර ඇසෙන්නට ලැබෙන්නේ දුක්මුසු වේදනාත්මක පුවත්. ඒත් දුලීකා – සුජීව කියන්නේ නම් කෙදිනකවත් ඒ ප්‍රේමණීය බැඳීම තුළ කැළලක් ඇති කරගත් යුවළක් නොවේ. ඒ නිසාම ඔවුන් වට බැඳුනු ප්‍රේක්ෂක පිරිසක් ද සිටින බව අරුමයක් නොවේ.