පියුමි හංසමාලි කියන්නේ නිරූපණ ශිල්පිනියක් විදිහට අතිශය ජනප්‍රිය, නිරන්තර කතාබහට ලක්වන චරිතයක්. පසුගිය සමයේ ඇය ගැන ලොකු කතාබහක් ඇතිවුණේ ඇය විසින් යුවළකට දුන්නු මංගල තෑග්ගක් නිස යි. “මංගල ඡායාරූපයක්” ඉල්ලූ ඔවුන් දෙදෙනාට ලස්සන මතකයක් විදිහට මධුසමයක්ම තෑගි දෙන්න පියුමි සහ චන්දිමාල් ජයසිංහ කටයුතු කර තිබුණා. මේ ගැන ගොඩක් දෙනෙක් පියුමිට ප්‍රශංසා කරලා තිබුණා. පියුමි මේ ගැන යූටියුබ් නාලිකාවක් සමඟත් අදහස් දක්වලා තිබුණේ මෙහෙමයි.
“ඒක මම දැක්කා ෆේස්බුක් එකේ උඩ පහළ යනකොට.. කන්ටැක් නොම්බර් එක ඕනි කියලා දැම්ම ගමන් මට ඒක හම්බුණා. ටක් ගාලා මම කීවා, චන්දි මේක අන්දමු කියලා. පස්සෙ එයාලව ගෙන්නලා මෙහේ හෝටෙල් එකේම එයාලව තියලා ඒ හීනේ හැබෑ කළා. ඒ ලේඩිටත් මාර සතුටුයි…. මොකද ඒක හැම ගැහැනියකටම හීනයක්…”
ඒ හීනේ හැබෑ කළා විතරයි දැන් පියුමිට බේරුමක් නැතිලූ…..
“දැන් මැසේජ් එනවා අනේ අක්කා බන්ඳලා දෙන්න කිය කිය කට්ටියගෙන්. අනේ ප්ලීස්.. මුලු ලංකාවම බන්ඳලා දෙන්න මට වත්කමක් නෑ. මම කියන්නෙ අපි ස්ථාවරයකට ඇවිත් මැරි කළොත් ඇති….. ඩිවෝස් වෙන්න ගියාම හරි කරදරයි. ඒ නිසා කලබල වෙන්න එපා බඳින්න, මුලින් හම්බ කරන්න. දැන් නම් ඉන්නවානේ ටික් ටොක් කුමාරයෝ. මම ඒ අයටත් කියන්නෙ රස්සාවක් කරලා හොඳ කසාදයක් කරගන්න කියලා.”
අනිත් අයව විවාහ කරලා දෙන පියුමි කවදද විවාහ වෙන්නේ? ඇය ඒකට දුන්නෙ මෙහෙම උත්තරයක්……
“මම බඳින් නෑ.. මගේ ජීවිතේ මම ගොඩක් එන්ජෝයි කරනවා. මට ලස්සන ආදරයක් ලැබිලා තියනවා. ඒ ආදරේ පරිස්සම් කරගෙන අපි දෙන්නා ඉන්නව. තව අවුරුදු 10ක් විතර ගිහිල්ලා ඩිවෝස් වෙන්න වුණොත්, උසාවි එහෙමත් යන්න ඕනේ. කරදරයිනේ….. මම ආස නෑ ඒවට.. ළමෙක් හදන්න හිතුණොත් හදමු කියලා මම කිවුවා. මම දන්නවා මගේ මහත්තයා කොච්චර ආදරෙද කියලා. මට කසාද බඳින්න ඕනේ නෑ, දරුවෙක් හදන්න. මොකද මම දන්නවා මේ මහත්තයා ජීවිත කාලේම ඉන්නවා කියලා..”