උණුසුම් පුවත්
Search
piumi

”මට නම් ලස්සනට ඇදලා ඉන්න කෙනෙක් දැක්කම ඉරිසියා හිතෙන්නෙ නෑ” – ව්‍යාපාර ක්ෂේත්‍රයට අත ගහන්න සැරසෙන පියුමි හංසමාලි

5572

නිරූපන ශිල්පිනියක් විදියට අපේ රටේ වසර 10කටත් වැඩි කාලයක සිට දැක ගන්න ලැබුණු ඒ සුරූපිනිය තමයි පියුමි හංසමාලී කියන්නේ. එන්න එන්නම ලස්සන වෙන පියුමි නිදහසේ ජීවත් වෙන ඉතා සතුටින් කල් ගත කරන කෙනෙක්. ඉතින් අමුතුවෙන් සමාජ මාධ්‍ය තුළ ජනප්‍රිය වෙන්න අවශ්‍ය නැති පියුමි හංසමාලී ලංකාවේ වැඩිම ඉන්ස්ටග්‍රෑම් ෆලෝවර්ස්ලා ඉන්න කෙනෙක්.

May be an image of 1 person and standing

සිය එකම පුතා එක තනියම කාලයක් ඉදලා පසුව ඇයට සැබෑ ආදරයක් මුණ ගැහුණු නිසා නැවත කඩවසම් තරුණයෙක් සමග ආදරය කරමින් සිටිනවා. ජීවිතේ තමන්ට ඕන අයුරින් විදින පියුමි හංසමාලී රංගනය අත් හැරලා තියෙන්නේ ඇයට ලංකාවේ ඉන්න ඇතැම් රංගන ශිල්පිනියන් ඇය රංගනයට පිවිසෙනවට කැමති නැති නිසයි. ඇය කියන්නේ ඇගේ අරමුණ ව්‍යාපාර ආරම්භ කරන්නයි කියලා. ඉතින් ඒ ගැන එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී පියුමි හංසමාලී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

May be an image of 2 people, people standing and indoor

”මට ලොකුවට සල්ලි අවශ්‍ය නෑ. ජීවත් වෙන්න ටිකක් තිබිලා ඉතුරු සල්ලි වලට මම ආසයි අසරණ අයට උදව් කරන්න. සත්තුන්ට පිහිටවෙන්න. ඉතින් මම ක්ලෝතින් ව්‍යාපාරයක් ආරම්භ කරන්නයි සූදානම් වෙන්නේ….. මම ලස්සනට ඇදලා ෆොටෝ එකක් අප්ලෝඩ් කලාම ඒකට එක එක කමෙන්ට් දාන කට්ටිය ඉන්නවා.

May be a closeup of 2 people and people standing

අපි මේ ලෝකෙට ඇවිත් ඉන්නේ බොහොම ටික කාලයකටයි. ඉතින් ඒ කාලය තුල හොදට ඇදලා ලස්සනට ඉන්න ඕන. එහෙම නැතුව අනිත් අය කරන දේවල් බලලා ඉරිසියා නොකර තමනුත් ලස්සනට ඇදලා කරලා ඉන්න ඕන….. මට නම් ලස්සනට ඇදලා ඉන්න කෙනෙක් දැක්කම ඉරිසියා හිතෙන්නෙ නෑ. ඇත්තමයි…..”

May be an image of 2 people, people standing and indoor

මේ විදියටයි සුරූපි නිළි පියුමි හංසමාලී අදහස් දක්වලා තිබුණේ.