උණුසුම් පුවත්
Search
kavindya

”මට වෙච්ච ප්‍රශ්නේ ගැන කතා කරන්නවත් මම කැමති නෑ” – කාවින්ද්‍යා දුල්ශානි

7844

කලා ලෝකය තුළ රංගන ශිල්පිනියක් විදිහට පසුගිය කාලයේ දී විවිධ ටෙලි නිර්මාණයන් හරහා ප්‍රේක්ෂකයන් හමුවට ආපු ඇය කාවින්දයා දුල්ෂානියි.

ඇයි පිළිබඳව කථා කරද්දී එක්තරා තරගාවලියක් ජයග්‍රහණය කරලා තමයි කලාවට අවතීර්ණ වුණේ.

ඒ වගේම ස්වාධීන රූපවාහිනියේ ටෙලි නිර්මාණයන් කිහිපයක් හරහා ප්‍රසිද්ධ වෙච්ච කාවින්දයා පසුකාලීනව විවිධ නාලිකා වලට වල ටෙලි නිර්මාණයන් හරහා දැක බලා ගන්නත් අපිට හැකියාව ලැබුණා.

image 38

ඒ වගේම තමයි ඇය පිළිබඳව කතා කරද්දී මේ දවස් වල ඉතාමත් ජනප්‍රිය ටෙලි නිර්මාණයක් වන කෝලම් කුට්ටම ටෙලි නිර්මාණය හරහා ඇයව දැක බලා ගන්නත් අපිට හැකියාව ලැබෙනවා.

මේ ටෙලි නිර්මාණය තුළ කාවින්දයා නිරූපණය කරන්නේ ප්‍රධාන චරිතයක්. ඒ නිසා බය වර්තමානය වන විටත් තාරුණ්‍ය අතර ජනප්‍රිය තාරකාවක් බවට පත්වෙලා.

image 37

ඒ වගේම තමයි පසුගිය දවස්වල ඇය පිළිබඳව හරි පහත් විදිහට සමාජ මාධ්‍ය වල විවිධ දේවල් කතා වෙන්න පටන් ගත්තා.

ඒ තමයි ඇගේ යැයි කියනා අසභ්‍ය වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය තුළ උණු කැවුම් ආකාරයෙන් ප්‍රසිද්ධ වීම.

ඉතින් මෙවැනි සිද්ධි නිසාම ඕනෑම කෙනෙක් මානසිකව වැටෙනවා. එවැනි අවස්ථාවක කාවින්දයා ඒකට මුහුණ දීලා තියෙන්නේ හරි අපූරු විදිහට. එක්තරා අවස්ථාවක දී ඇය ඒ සම්බන්ධයෙන් අම්මත් එක්ක වැඩසටහනකට සහභාගි වෙලා කිව්වෙ මේ විදිහෙ කතාවක්…..

image 34

“මෑතකදී මට ලොකු ප්‍රශ්නයක් වුණා. ඒ ගැන මම කතා කරන්නවත් කැමති නැහැ. මං වගේම මගෙ ෆැමිලි එකේ හැමෝම ඒක හයියට අල්ල ගත්තා. ඒගොල්ලන්ගෙ හයිය නිසා මම ඊට වඩා පහසුවෙන් ඒ period ඒක බොහොම ලේසියෙන් අමතක කළා….. තාත්තා ඒ ගැන මගේ මූණට කිසි දෙයක් කතා කලේ නැහැ. එයා ඒ තරම් හයියක් වුණා මට. ඒක මට ඒ තරම් වටිනවා….”

image 39

ඇය ඒ විදියට අදහස් දක්වන අතර කාවින්ද්‍යාගේ ආදරණීය මව මේ සිද්ධිය ගැන කිව්වේ මේ වගේ කතාවක්.

“මම දන්නවා මගේ දුව කවුද කියන්න. ඒ නිසා ඒ සිද්ධිය මම කතා කළේ නැහැ. මම ගොඩක්ම බය වුණේ මගේ දුව මානසිකව වැටිලා මොනවා හරි වෙයිද කියලා. මෙයා දවස් හතරක් දොරවත් ඇරියෙ නැහැ රූම් එකේ….. දවස් හතරක් කෑවේ නැහැ. තාත්තගෙම මූණ බැලුවේ නැහැ. ඊට පස්සේ තාත්තා ඇඬුවා”

ඊට පස්සේ අවසානයේ කාවින්දයා කිව්වේ කොච්චර positive වෙන්න හිතුවත් අඩන්න ඕන නං අවස්ථාවේ අඬලා ඒ දුක පිට කරන්න ඕනේ කියන දේ.

image 40

Source – Siri Lankawa