උණුසුම් පුවත්
Search
kanchana

”මම කොණ්ඩේ කපන්නේ නැත්තේ තාත්තා නිසා, එයා හරි ආසයි මගේ කොණ්ඩෙට” – කාංචනා අනුරාධි

1176

මෙරට වත්මන් සංගීත ක්ෂේත්‍රයේ කාගේත් ආදරය, අවදානය දිනාගත් ඇය මේ දිනවල ප්‍රේක්ෂකයන්ගේ ආදරය ඉහලින්ම ලබන කෙනෙක්. ඉතින් කාංචනා අනුරාධි කිව්වම ඇගේ රූපයට වඩා ගොඩක් දෙනෙක් ආදරය කරන්නේ කාංචනාගේ මිහිරි හඩටයි. නවක ගායිකාවන් අතරින් ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් ලබන කාංචනා අනුරාධි ගයන ගීත ගණනාවක්ම ප්‍රේක්ෂකයන් ආදරයෙන් වැළදගත් ගීතයන්.

May be an image of 1 person and body of water

ප්‍රාසාංගික වේදිකාව තුළ කාංචනාගේ ගායනයට වගේම අපූරු ඉදිරිපත් කිරීමත් එක්ක ඇයට ආදරය කරන රසිකයින් වැඩි වුණා. ඉතින් මේ වන විට ලංකාව පුරා වගේම ලෝකේ පුරාම විවිධ සංගීත ප්‍රසංග සදහා සහභාගි වෙනවා. ඉතින් කාංචනා ගායනා කරන ගීත විදියට රසිකයින් ආදරය කරපු ගීත කිහිපයක් මෙසේයි.

May be an image of 1 person and standing

”ආලේ මල්, කරකාර බදින්නට, නාදෙන්, උදුරාවි…” වැනි ගීත වලට ගොඩක් දෙනෙක් ආදරේ කරනවා. ඉතින් කාංචනා අනුරාධිගේ අනන්‍යතාවය තමයි ඇගේ කොන්ඩ විලාසිතාව කිව්වොත් හරි. කාංචනා වගේම ඇගේ ආදරණීය රසිකයිනුත් ඇගේ කොන්ඩයට ආදරය කරනවා. ඉතින් ඇගේ කොන්ඩය ගැන කාංචනා නම් දැක්වූයේ මේ වගේ අදහසක්.

May be an image of 2 people and people standing

”මම කොන්ඩෙට ආසයි. නමුත් කපන්නත් හිතෙනවා….. අපේ අම්මගෙත් කොන්ඩෙ තිබුණා ඉස්සර. දැන් කපලා තියෙන්නේ. මම කොන්ඩෙ කපන්නැතුව ඉන්නේ තාත්තා කොන්ඩෙට කැමති නිසා……’’

මේ විදියටයි ජනප්‍රිය ගායිකා කාංචනා අනුරාධි අදහස් දක්වලා තිබුණේ.

kanchana 4