රාවණ, තණමල්විල කොල්ලෙක්, නාඩගම්කාරයෝ වැනි ටෙලිනාට්‍යය හරහා ප්‍රේක්ෂක ආදරය බෙහෙවින් ලබා ගත්ත ඇය තමයි ජනප්‍රිය රංගන ශිල්පිනී කසුනි කාවින්දි කියන්නේ. ඇය රංගනයෙන් දායක වුණු නාඩගම්කාරයෝ ටෙලිනාට්‍යයේ රසික චරිතයට සමාජ මාධ්‍ය හරහා අතිශය ප්‍රතිචාර ඇයට ලැබුනා.
පාසල් වේදිකාවෙන් කලාවට පිවිසෙන කසුනි ළමා නිළියක් විදියටයි මුල් කාලේ වැඩ කටයුතු කලේ. ඉතින් මේ දිනවල කසුනි ගැන හැමෝම උනන්දුවෙන් කතා කරන්නට වෙලා. ඒ ඇගේ සහ පබෝදා සන්දීපනිගේ එකතුවෙන් නිර්මාණය වුණු මේ දිනවල ඉතාම ජනප්‍රිය සහ ලංකාවේ ප්‍රථම 3D තාක්ෂණය ඔස්සේ කල ‘ගජමෑන්’ හී පද්මාවතී නිසා.
කසුනි කියන්නේ කොයි තරම් වැඩ ලැබුණත් කිසිම කලබලයක් නැතුව නිර්මාණ කටයුතු වලට දායකත්වය ලබා දෙන කෙනෙක්. ඒවගේම ඇය මේ වන විට වෘත්තීය රංගන ශිල්පිනියක් විදියට කටයුතු කරමින් සිටිනවා. එය අභියෝගයක් වුණත් ඇය ඒ අභියෝගවලට මුහුණ දෙන කෙනෙක්. ඉතින් කලා ක්ශේෂ්ත්‍රයේ ඇයට ලැබෙන ස්ථානය ගැන ඇය මේ විදියටයි එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ.
”මම මුලින්ම ටෙලි නාට්‍යයක රගපෑවේ 2014 දි. මේ වෙනකොට ටෙලිනාට්‍යය 20කට විතර දායක වෙලා තියෙනවා. මම ජනප්‍රිය වෙන්න බලාගෙන වැඩ කරන්නෑ. මම සම්මාන උළෙලවල් විශ්වාස කරන්නෙත් නෑ. ඕවා තනිකරම බොරු. ඉස්කෝලේ නාට්‍යය කරන කාලෙ විතරයි මම සම්මාන බලාගෙන වැඩ කලේ. මිනිස්සුන්ගේ ප්‍රතිචාරය තමයි මට තියෙන එකම සම්මානය.”