උණුසුම් පුවත්
Search
ashika

”ඇඳුම් ඇඳලා තත්ත්වේ පෙන්නන්න මට කොහෙත්ම ඕන නෑ” – අශිකා මතසිංහ

6502

නිරූපිකාවක්, රංගන ශිල්පිනියක් විදියට හැමෝගෙම ආදරේ දිනාගත්ත කවදාවත් වයසට යන්නේ නැති චරිතයක් විදියට කාගේත් ආදරේ දිනාගෙන ඉන්න ආදරණීය රංගන ශිල්පිනියක් තමයි අශිකා මතසිංහ කියන්නේ. රංගන ක්ෂේත්‍රය තුළ දක්ෂතා දක්වන ඇය මේ වන විට තරමක් නිහඬව සිටින කෙනෙක්. ඉතින් මේ කතා බහ අශිකා එක්ක කරපු කතාබහක උපුටනයක්.

අශිකා එන්න එන්න සුන්දර වෙනවා… ඔබ සුන්දරත්වය වැඩි කරන විලාසිතා කරන්න කැමතිද ?

”අපෝ ඔව්, මම හරිම ආසයි ලස්සනට ගැලපෙන විදියට ඇඳුම් අඳින්න….. හැබැයි මම විලාසිතා වලට ලොකුවට වියදම් කරන්නේ නෑ….. මගේ වයසට, මගේ ඇඟට, මගේ පාටට ගැලපෙන විලාසිතා තෝරාගෙන කරනවා….”

7 2

අපි නිතරම දකිනවා අශිකා කරන්නේ චාම් විලාසිතා, ශරීරය නිරාවරණය වන විදියට විලාසිතා කරන්නෙම නැති තරම්… ඉතින් ඒ ගැන කියන්න තියෙන්නේ මොකද්ද ?

”ඔව්! මම පුංචි කාලේ ඉඳන්ම හැදුනේ වැඩුනේ බෞද්ධ පරිසරයක. මම ගොඩක් වෙලාවට අනුකරණය කරන්නේ මගේ අම්මව…. එහෙම නැත්නම් මගේ ආච්චිව…. ඒ අය ගොඩක් ලස්සනට පිළිවෙලට ඇඳුම් ඇන්දා. සරල බව, චාම් බව ඔවුන්ගේ විලාසිතා වල තිබ්බා… මට ලැබිලා තියෙන්නෙත් ඒ ආභාෂය. මොන වගේ විලාසිතාවක් කලත් මට ගැලපෙන විදියට තමයි මම විලාසිත කරන්නේ…..”

6 3

ඔබගේ විලාසිතා අනිත් අය ගොඩක් අනුකරණය කරනවා නේද?

”ඔව් ඔව්, මම මොන ඇඳුම ඇන්දත් හැමෝම කියනවා ගොඩක් ලස්සනයි කියලා…. සමහර අය ලඟට ඇවිත් අහනවා කොහෙන්ද මේ ඇඳුම් ගත්තේ කියල… මම වසර ගණනාවකට කලින් කළ සබන් වෙළඳ දැන්වීමකට ඇන්ද ඇඳුමක් ඒ කාලයේ ගොඩක් ජනප්‍රිය වුනා…. හැම තරුණියක්ම වගේ ඇන්දේ ඒ ඇඳුම… ඒ ගවුම අදටත් මගේ ළඟ පරිස්සමට අරන් තියලා තියෙනවා….”

2 1

සාමාන්‍යයෙන් ඔබගේ ඇඳුම් වලට කොච්චර ලොකු මුදලක් යනවද?

”එහෙම ලොකු මිලක් යන්නේ නෑ…. මොකද අනිත් නිලියෝ වගේ ඉහල වටිනාකමක් තියෙන ඇඳුම් අඳින්න ඕන කියන මතයේ මම නෑ. ඒ වගේ මානසික මට්ටමක් මගේ ජීවිතේ තිබිලම නෑ. අනිත් එක මම ගන්න ඇඳුමක් කීප වතාවක්ම අඳිනවා…. එහෙම ඇන්දා කියලා මට මදිපුංචිකමක් වෙන්නේත් නෑ ඉතින්…. ඇඳුම් ඇඳලා තත්වේ පෙන්නන්න මට කොහෙත්ම ඕන නෑ…..”

3 1
1 2
8 2



Leave a Reply

Your email address will not be published.