උණුසුම් පුවත්
Search

”දුෂ්‍යන්ත්ගේ පරණ පෙම්වතියන්ගෙන් මම කතා කරන්නේ නැත්තේ හසිනි එක්ක විතරයි” – ස්ටෙෆානි සිරිවර්ධන

668

2011 වසරේ ශ්‍රී ලංකා විශ්ව රූ රැජින කිරුල හිමි කර ගැනීමට සමත් වූ සුරූපිනිය තමයි ස්ටෙෆනි සිරිවර්ධන කියන්නේ. එම තරඟයෙන් පස්සේ ඇය 2013 වසරේ ශ්‍රී ලංකා ආසියා පැසිපික් ලෝක රූ රැජින කිරුළ හිමිකරගත්තා. ස්ටෙෆනි උපාධිධාරිනියක් වගේම ක්‍රියාශීලී සමාජ සේවයේ නියුතු කාන්තාවක විතරක් නෙවෙයි ඇය ගොඩක් දක්ෂ නිවේදිකාවක්. නිරූපන ශිල්පිනියක ලෙසත් ගොඩක් ජනප්‍රිය ඇය මේ දිනවල සිරස නාලිකාවේ රියලිටි වැඩසටහනට නැතුවම බැරි චරිතයක්.. මේ සාකච්ඡාව උපුටා ගත්තේ ස්ටෙෆනි සිරිවර්ධන කළ කතාබහකින්.

ස්ටෙෆනි කොහොමද ජීවිතේ…. මොකද වෙන්නේ මේ දවස් වල?

”මේ දවස්වල සිරස නාලිකාවේ the Voice Teens Sri Lanka ප්‍රෝග්‍රෑම් එක්ක එකතු වෙලා ඉන්නවා, ඒ වගේම පොඩි පොඩි වැඩ කටයුතු කිහිපයක් කරගෙන යනවා….. අලුත් ව්‍යාපාර කටයුත්තක් ආරම්භ කරන්න ප්ලෑන් කළා. ඒ වැඩෙත් දැන් කරගෙන යනවා, හැබැයි ව්‍යපාරය මොකද්ද කියලා අහන්න එපා…. ඒක දැන්ම කියන්න බෑ, ටික කාලයකින් හැමෝටම කියන්නම්”

May be an image of 1 person, standing and indoor

ඔයාගේ ලස්සන වීමේ රහස මොකද්ද?

”මම ගොඩක්ම පාවිච්චි කරන්නේ දේශීය දේවල්… ඒ අතරින් පිරිසිදු පොල්තෙල් විශේෂයි. මොකද පිරිසිදු පොල් තෙල් කියන්නේ අපේ සිරුරට ඉතාම හොඳ දෙයක්, ඊට අමතරව මට විශේෂ පැක් එකක් මම ගෙදරදීම හදාගන්නවා. තව දෙයක්, ඒක හැබැයි මම විශ්වාස කරන දෙයක්…. ඒ තමයි කෙනෙක් හදවත ලස්සන කරගද්දී මුහුණ වගේම සිරුර ලස්සන වෙනවා කියන එක….”

ස්ටෙෆනි ඔබගේ ආදරණීය සැමියා තමයි දුෂ්‍යන්ත් වීරමන්… ඉතින් එයාගේ පැරණි ආදරවන්තියන් ඔයාව දන්නවාද? කතා කරනවද?

”ඔව්! මම එයාලා එක්ක කතා කරනවා…. ඒ වගේම මම එයාලගෙන් දුෂ්‍යන්ත් ගැන අහනවා… හැබැයි මම පුද්ගලිකව දන්නේ නැත්තේ හෂිනි ගෝනගල විතරයි. එයා එක්ක වැඩිය මම කතා කරන්නේ නෑ, වැඩිය කියන්නේ කතා කරලම නෑ වගේ… අනිත් අය එක්ක මම කතා කරනවා. එයාලා ඇත්තටම ගොඩක්ම හොඳ අය…”

No photo description available.
No photo description available.May be an image of 2 people



Leave a Reply

Your email address will not be published.