උණුසුම් පුවත්
Search
sarath weerasekara

”21 වන සංශෝධනයට මගේ සහයක් නැහැ” – සරත් වීරසේකර

221

ජනාධිපතිවරයාගේ බලතල සීමා කෙරෙන 21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට සහාය නොදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රියර් අද්මිරාල් සරත් වීරසේකර පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ ඊයේ (30) ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට සහභාගී වෙමිනුයි.

තමා 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයටද සහයෝගය නොදුන් බව එහිදී ප්‍රකාශ කළ සරත් වීරසේකර කියා සිටියේ ඒ ආකාරයටම 21 වැනි සංශෝධනයටද සහයෝගය නොදෙන බවයි.

රටේම මහජන ඡන්දයෙන් තේරී පත්වන විධායක ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කිරීමට තමා එකඟ නැති බව හෙතෙම අවධාරණය කර සිටිනවා.




Leave a Reply

Your email address will not be published.