නිරෝෂා තලගල කියන්නේ අප කා අතරත් ඉතා ජනප්‍රිය සහ ඉතා දක්ෂ රංගන ශිල්පිනියක්.රිදී තිරයේ මෙන්ම පුංචි තිරයේ ද සිය දස්කම් පාමින් රසික හදවත් දිනාගෙන සිටින ඇය සැබැවින්ම කලා ලොවට දීප්තිමත් ආලෝකයකි.රංගනයට පමණක් නොව නර්තනයටද උපන් හපන්කම් දැක්වූ ඇය විවිධ නර්තන අංගයන් ඔස්සේ ජයග්‍රහණය ද ලබා තිබෙනවා.ඉතින් මේ වනවිට ආදර්ශමත් පවුල් ජීවිතයක් ගත කරන නිරෝෂා පුංචි දියණියකගේ ආදරණීය මවක් ද වනවා.

ඇය කොයි කවුරුත් අතර පසුගිය දිනවලදී ජනප්‍රිය වූයේ hiru මෙගා ස්ටාර් season 3 නර්තන වැඩසටහන ඔස්සේ සිය දස්කම් පාමින් කාගේත් හිත දිනා ගත් නිසයි.මේ වන විට ආදරණීය මවක් වන ඇය සුවහසක් මව්වරුන් මෙන්ම තමන්ගේ ශරීරය හැඩය පිළිබඳව නොසිතා දරුවාගේ පෝෂණය ගැන සැලකිලිමත් වී දරුවා ලැබෙන්නට ඉන්න විට සහ දරුවා ලැබීමෙන් පසුව කටයුතු කළා.නිසාම ඇයගේ ශරීරයේ නියමිත සුන්දර හැඩය පවත්වාගෙන යාමට ඇයට හැකියාව ලැබුණේ නැහැ.ඉතින් පසුගිය දිනකදී ඇය ඇගේ ශරීරය යථා තත්ත්වයට පත් කරගත් ආකාරය පිළිබඳව රසිකයන් සමඟ මෙලෙස පවසා තිබුණා.

මම මගෙ දරුවා ලැබිලා ඉන්න මුල් කාලේ නම් කෑම ගැන හිතුවේ නැහැ.මොකද අම්මා කෙනෙක් විදිහට මගෙ ප්‍රථම රාජකාරිය තමයි දරුවාට කිරි දෙන එක. හැබැයි දැන් නම් මම කෑම බිම ගැන සැලකිලිමත් කෙනෙක්. මම මගේ ශරීරය හැඩය පිළිබඳව නිරන්තරයෙන්ම සැලකිලිමත් වෙන කෙනෙක්.මොකද මම නර්තන ශිල්පිනියක් නිසා.ඉතින් මං ඒ සඳහා නිරන්තරයෙන් ම ව්‍යායාම කටයුතුවල නිරත වෙනවා.ඒ නිසා නිතරම ගන්න කෑම බීම ගැන හොඳට හිතලා බලනවා. පලතුරු එළවළු තමා මම වැඩිපුරම ආහාරයට ගන්නේ. පිටි කෑම ගොඩක් වෙලාවට මම ආහාරයට ගන්නේ නැහැ.

දැන් ඉතින් දරුවාගේ වැඩ කරගෙන රංගන කටයුතුත් කරගෙන නර්තන කටයුතුත් කරගෙන හරිම කාර්යබහුල ජීවිතයක් ගත කරන්නේ.ඇත්තටම මට ලැබුණේ ලොකු අත්දැකීමක්.හරිම සතුටින් මේ දවසට ජීවිතය ගෙවන්නේ.
යනුවෙන් තමයි ඇය එහිදී පවසා සිටියේ. ඉතින් ඇගේත් ඇයගේ පුංචි දියණියගේත් සියලුම කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
