උණුසුම් පුවත්
Search
shalani 1 3

”මං මැච් එක බලන්න ගියේ කාගෙවත් ෂුගර් බේබි විදිහට නෙවෙයි” – ළඟදීම විවාහයට සැරසෙන ශලනි තාරකා කියන කතාව

2888

තරුණයන්ගේ සිහින කුමරිය වුණ ශලනි තාරකා එළැඹෙන අගෝස්තු මාසයේදී විවාහවීමට සිටින බව අපිට ආරංචි වුණා. විවාහය අත ළඟ තිබියදී ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් අයථා පරිහරණයට සම්බන්ධ සිද්ධියකට ද ඇයගේ නම ඈදී තිබෙනවා. ඉතින් මේ සියලු දේවල් ගැන වගේම ඇයගේ අලුත් කලා කටයුතු ගැන දැනගන්න ශලනි එක්ක කතා කරන්න අපි හිතුවා.මේ ඇය සමඟ කළ කතා බහක උපුටා ගැනීමක්.

මේ දවස්වල චූන් එකේ ඉන්නවා කියලා ආරංචියි?

සුපුන් රත්නායකගේ 4චූන් ටෙලිනාට්‍ය නිසා මේ දවස්වල චූන් එකේ ඉන්නවා…. 4චූන් කියන්නෙ අපි ⁣හැමදාම බලන සාම්ප්‍රදායික ආදර කතා වලින් මිදුණු කොල්ලො හතර දෙනෙක්ව ප්‍රධාන කරගෙන ගොඩනැගුණ ටෙලි නාට්‍යයක්. ඒ අතර ඉන්න එක කොල්ලෙක්ගේ පෙම්වතිය විදිහටයි මම කතාවට සම්බන්ධ වෙන්නෙ. ඒ විදිහට මම 4චූන්වලට සම්බන්ධවෙන්නෙ මල්ෂා කියන චරිතයෙන්. මල්ෂා කියන්නෙ ගමෙන් කොළඹට ඇවිත් ටිකක් පොෂ් විදිහට ජීවත් වෙන්න හදන කෙල්ලෙක්. ඉතින් මේ දේවලුත් එක්ක 4චූන් කියන්නෙ ප්‍රේක්ෂකයන්ට චූන් එකේ බලන්න පුළුවන් ටෙලි නාට්‍යයක් කිව්වොත් හරි.

May be an image of 1 person and hat

සුපුන් රත්නායක අධ්‍යක්ෂණය කරපු අඩෝ ටෙලි නාට්‍යයේ ඔබ ඉදිරිපත් කරපු රංගනය වෙනුවෙන් හොඳම නිළියගේ සම්මානය හිමිවුණා. 4චූන්වල රංගනය වෙනුවෙනුත් සම්මාන ගන්නද බලාපොරොත්තුව?

සම්මාන වලට ⁣වැඩිය 4චූන් කියන්නෙ මම රඟපාපු වෙනස් විදිහෙ ලස්සන ටෙලි නාට්‍යයක්. … ඒ තෘප්තිය මට ඇති. ටෙලි නාට්‍යය හොඳයි, ඒක සම්මාන සඳහා පාත්‍රකරවන එක ප්‍රේක්ෂකයන්ගේ වැඩක් මිසක මට අයිති කාර්යක් නෙමෙයි.

චරිතාංග නිළියක් විදිහට එකිනෙකට වෙනස් චරිත රඟපාන්න පුළුවන් වුණ රහස මොකක්ද?

මම එක සමාජ පන්තියකට විතරක් කොටුවෙලා ජීවත්වෙන කෙනෙක් නෙමෙයි. සමාජයේ ඉන්න හැම තරාතිරකම මනුස්සයො ආශ්‍රය කරලා සහයෝගයෙන් ඉන්නවා….. ඒ දේවල් නිසා මට මිනිස්සු ගැන ගැන ⁣හොඳ අවබෝධයක් තියනවා. ඒ අවබෝධය වගේම රංගනය ගැන තියන පුහුණුව නිසා ඕනෑම විදිහෙ චරිතයක් කිසිම කෘත්‍රිම බවක් නැතුව සාර්ථකව කරන්න පුළුවන් හැකියාවක් ම⁣ට තියනවා.

හදිස්සියෙම කියාදෙන්න ආදරේ තරම් සහ හීනයකි මේ ආදරේ තරම් ටෙලි නාට්‍යවලින් අයින් වුණේ ඇයි?

හදිස්සියෙම නෙමෙයි, මම ගිය අවුරුද්දෙ ටෙලි නාට්‍ය දෙකේම නිෂ්පාදක කණ්ඩායම්වලට කියලා තිබුණා මේ වසරේ මැයි මාසයේදි අයින් වෙනවා කියලා….. ඒ වගේම මම අයින්වුණ නිසා සමහරු හිතනවා ටෙලි නාට්‍යයවල පිටපත වෙනස් කරන්න වුණා කියලා. චැනල්වල අවශ්‍යතාව මත පිටපත වෙනස්වීම්වලට ලක්වුණා මිසක මම අයින් වුණ එකෙන් කිසිම වෙනස්කමක් සිදුවුණේ නැහැ.

No photo description available.

කලාව තුළ තවදුරටත් කරන්න බලාපොරොත්තුවෙන දේවල් මොනවද?

මේ තාක් මම රඟපාපු චරිත නැතුව වෙනස් විදිහෙ අභියෝගාත්මක චරිත ලැබෙනවා නම් මම කැමැතියි ඒවා උත්සාහ කරලා බලන්න…..

ඊළඟට යන්න තියෙන්නෙ ජාත්‍යන්තර කලා ක්ෂේත්‍රයට නේද? අවස්ථාවක් ලැබුණොත් භාරගන්නවද?

බලමු. හැබැයි ඒ විදිහෙ අවස්ථාවක් අහම්බෙන් හරි ලැබුණොත් මට පුළුවන් උපරිමයෙන් කරනවා. මොකද ඒක කලාතුරකින් ලැබෙන අවස්ථාවක්…..

රංගන ජීවිතයේ ඉලක්ක ඉටුකරගෙන අවසාන හින්ද ද විවාහ ජීවිතයක් පටන් ගන්න ලෑස්ති වෙන්නෙ?

රංගන ශිල්පිනියක් විදිහට මම හොඳ වැඩ කොටසක් කළා වගේම ප්‍රේක්ෂකයන්ගේ ආදරය සහ සම්මානත් ලැබුවා. අද වෙද්දි රංගන ජීවිතයේ හොඳ සාර්ථක තත්ත්වයකට ඇවිත් ඉන්නවා. ඉතින් තව පියවරක් ඉස්සරහට තියලා ජීවිතය පිළියෙල කරගන්න හොඳම කාලය මේක කියලා මම හිතනවා…..

May be an image of 1 person

විවාහ වෙනකන්ම පෙම්වතාව හංගගෙන ඉන්නද හදන්නෙ?

එයා ගැන කවුරුත් දන්නෙ නැති නිසා තමයි මේ තාක් කාලයක් අපේ ආදරය ආරක්ෂා වෙලා තිබුණෙ….. හැමෝම දැනගත්තාම කේලම් කියලා සම්බන්ධය කඩන්න උත්සාහ කරනවා. ඒ වගේ තත්වයකට මුහුණදෙන්න මට ඕන නැහැ. ඒ නිසා මම මගේ පෞද්ගලිකත්වයත් මගේ පෙම්වතාගේ පෞද්ගලිකත්වයත් ආරක්ෂා කරගෙන සම්බන්ධතාව පවත්වාගෙන යනවා.

කවදාද විවාහ වෙන්නෙ?

මේ අගෝස්තුවෙදි අපි විවාහ වෙන්න බලාපොරොත්තු වෙනවා. එදාට මගේ සැමියා ගැන වගේම ආදර කතාව ගැන පිනිපලසට කියන්නම්.

May be an image of 1 person and smiling

විවාහ වෙන එකට අක්ෂි ටෙලි නාට්‍ය කණ්ඩායමෙන් වෙනස් විදිහෙ පාටියක් දීලා තිබුණා නේද?

ඔව්. අක්ෂි ටෙලි නාට්‍යයේ දෙවැනි අදියරේ රූගතකිරීම්වලට ගිය වෙලේදී මටත් හොරෙන් එයාලා මට පාටියක් දුන්නා. මනාලියක් වෙන්න ඉන්න කෙනෙක්ට ගරා වැටිච්ච ගොඩනැගිල්ලක් ඇතුළෙ මාල වළලු මුදු නැති වෙනස් විදිහට දුන්න පාටියක් ඒක. ඒ විදිහෙ දුන්න එකට මට ඇත්තටම සතුටුයි…..

විවාහ වුණාට පස්සෙ දිගටම රඟපානවද?

විවාහ වුණාට පස්සෙ කලා ක්ෂේත්‍රයෙන් අයින් වෙනවා කියලා තීරණයක් අරගෙන නැහැ. හැබැයි මම වැඩි කාලයක් මගේ සැමියා වෙනුවෙන් සහ පවුල් ජීවිතය වෙනුවෙන් වෙන් කරන්න තීරණය කරලා තියනවා….

රඟපෑම සම්බන්ධයෙන් පෙම්වතාගෙන් කොන්දේසි මුකුත් නැද්ද?

අනේ නැහැ. මගේ වෘත්තීය ජීවිතය සීමා වෙන විදිහෙ කිසිම කොන්දේසියක් එයා දාන්නෙ නැහැ. එයා මාව හොඳට තේරුම් අරන් ඉන්න කෙනෙක්.

May be an image of 2 people

ඇඟේ හැඩය සිහින් කරගත්තෙ විවාහය වෙනුවෙන්ද?

පහුගිය අවුරුදු කීපය පුරාවට මම ටිකක් මහතට හිටියෙ. මහත පෙනුම නිසා ළඳබොළඳ පෙම්වතියගේ චරිතයෙන් ඔබ්බට ගිහින් වෙනස් විදිහෙ අභියෝගාත්මක චරිත වලින් පවා මට ආරාධනා ලැබුණා. හැබැයි විවාහ වෙන දවසට මහතට ඉඳලා හරියන්නෙ නැහැනේ. ඒ නිසා විවාහය වෙනුවෙන් ඇඟ අඩුකරගත්තා.

විවාහය අත ළඟ තියෙද්දිත් හැදෙන කතාවලින් නම් අඩුවක් නැහැ නේද?

ක්‍රිකට් මැච් එකක් බලන්න ගියා කියලා තමයි මේ දවස්වල මට හැදිලා තියන ලොකුම කතාව. නළු නිළියන්ට ක්‍රිකට් මැච් බලන්න තහනම්ද කියලයි ඒ විදිහෙ කතා හදන අයගෙන් මට අහන්න තියෙන්නෙ. ඇත්තටම ඔස්ට්‍රේලියාවේ පැවැත්වුණ විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බලන්න මම ගියා. හැබැයි ඒ මගේ පෞද්ගලික මුදලින් ටිකට් අරගෙන මිසක ක්‍රිකට් ආයතනයේ මුදල්වලින්වත් කාගෙවත් ෂුගර් බේබි විදිහටවත් නෙමෙයි. මම වගේම විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය බලන්න තවත් නළු නිළියො කීපදෙනෙක් ඇවිත් හිටියා. ඒ අවස්ථාවේදි ගත්ත ඡායාරූපයක් තමයි මේ බොරු ප්‍රවෘත්තිය නිර්මාණය කරන්න යොදාගෙන තිබුණෙ. ඒ ඡායාරූපයෙ මාත් එක්ක තවත් නළු නිළියො හිටියට සමාජ මාධ්‍යවල වගේම ප්‍රධාන ධාරාවේ මාධ්‍යවලදි මගේ නම විතරයි මේ සිද්ධියට ඈඳලා ප්‍රකාශ කරන්නෙ. ඒ නිසා හොඳටම පැහැදිලියි මේක මට විරුද්ධව එල්ල කරන මඩ ප්‍රහාරයක් කියලා.

සරාගී පෙනුමක් තියන නිසාද මේ තරම් කතා හැදෙන්නෙ?

මට සරාගී පෙනුමක් නැහැ. සමහර වෙලාවට අඳින ඇඳුම් සහ ෆොටෝවලට ඉන්න ඉරියව් නිසා සරාගී කියලා ⁣පේනවා ඇති. හැබැයි බාහිර පෙනුමෙන් නම් මම සරාගී කෙනෙක් නෙමෙයි. ඒ නැතත් කතා හැදෙන්න සරාගී වෙන්න ඕන නැහැ. මානසිකව වට්ටලා මම යන ගමන නවත්තන්න ඕන නිසා තමයි ගොඩක් දෙනා කතා හදන්නෙ.

හැමදාමත් ඔබත් එක්ක දැවැන්ත රසික පිරිසක් ඉන්න එක ගැන මොකද හිතන්නෙ?

ඔව්. ඇත්තෙන්ම මට හැමවෙලේම සහයෝගය දෙන රසිකයො පිරිසක් ඉන්න එක ගැන සතුටු වෙනවා වගේම නිහතමානීව ආඩම්බර වෙනවා. මම මේ ක්ෂේත්‍රයේ ලේසි පහසු ගමනක් නෙමෙයි ආවේ. කට්ට කාගෙන නිදි මරාගෙන මහන්සිවෙලා කැපවීමෙන් වැඩ කරලා මේ තැනට මම අද ආවෙ. ඒ හැම තැනකදීම මාව වැටෙන්න නොදී කොහොමහරි ඉස්සරහට යන්න කියලා තල්ලු කළේ මගේ රසිකයො. ක්ෂේත්‍රයට ආපු මුල් කාලෙ ඉඳලා මාත් එක්ක ඉන්න අය වගේම මගේ හැකියාවන් දැකලා මගදි මාත් එක්ක එකතුවුණ හැමෝමවත් මේ මොහොතෙදි මම මතක් කරනවා වගේම ඔවුන්ට ස්තුතිවන්ත වෙනවා.

May be an image of 1 person, standing and text that says 'WeLove ing clos you!'

Source – Pinipalasa