දෙරණ නාලිකාව කියලා කියන්නේ ලංකාව තුළ සැඟවුණු දක්ෂතා ඇති තරුවලට බැබලෙන්න අවස්ථාවක් ලබා දෙන රූපවාහිනී නාලිකාවක්.ඉතින් මේ නාලිකාව විසින් විකාශනය කරන ලද මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යයේ පිණිමුතු සහ නිල්නෙතු කියන්නේ රසික රසිකාවියන්ගේ ඉමහත් ආදරයට සහ ආකර්ශනයට පත් වුණු ආදරණීය රංගන ශිල්පිනියන් දෙපලක්.පිණිමුතු සහ නිල්නෙතු ලෙස රසිකයන් ඔවුන් ආමන්ත්‍රණය කලත් ඔවුන්ගේ සැබෑ නම් වන්නේ අනුෂ්කි ප්‍රේමචන්ද්‍ර සහ කණුෂ්කි ප්‍රේමචන්ද්‍රයි.මල් පිපෙන කාලේ ටෙලි නාට්‍යය ඔවුන්ගේ ප්‍රථම ටෙලි නාට්‍ය අත්දැකීම වුවත් ඔවුන් දෙපළ දෙරණ නාලිකාව විසින් විකාශය කරන ලද දෙරණ ලිට්ල් ස්ටාර් තරඟාවලිය ඔස්සේ සිය දක්ෂතා පෙන්වා රසික ආකර්ෂණය දිනාගත් තරු යුවළක් වනවා.ඉතින් අද අපි ඔවුන් පිළිබඳව කතා කරන්න සිතුවා.පසුගියදා එක් වූ එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී ඔවුන්ගේ අළුත්ම අදහස් රසිකයා සමග සමඟ බෙදා ගත්තේ මේ අයුරින්.
“අපි දෙන්නව මුලින්ම රසිකයා අඳුරගත්තේ derana little star season 5 තරඟාවලිය හරහා.ඉතිං දෙරණ නාලිකාවේ ම ටෙලි නාට්‍යයකට අපි දෙන්නට සම්බන්ධ වීම ලැබීම ඇත්තටම ලොකු සතුටක්.අපි දෙන්නගේ එකම අරමුණ වෙලා තිබුණේ නැටුම් ගුරුවරියන් වීම.තාම ඒ හීනෙ අත ඇරලා නෑ.නමුත් රඟපෑම් කටයුතුත් ඒත් එක්කම සිදු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.මොකද මේක අපි දෙන්නටම ලැබුණු ලොකු අවස්ථාවක්.
අපි දෙන්නගෙම සිතුම් පැතුම් එකම වගේ.වෙනසකට තියෙන්නේ මම ටිකක් කතාබහ කරලා සමාජශීලී ව ඉන්නවා.නමුත් මගෙ නංගි ටිකක් බයයි එයා ගොඩක් අහිංසක නිසා.ක්ෂේත්රයට එන්න ආරාධනා ලැබුනට පස්සේ අපි ටිකක් බය වුනා මොකද මේ ක්ෂේත්රය තුළින් හැදෙන කට කතා නිසා.නමුත් අපේ මේකට ආවට පස්සෙ හිතුනා මේ ක්ෂේත්රය ඉතාමත්ම හොඳයි දෙයක් කරන්න පුළුවන් කියලා.ඊට පස්සේ අපි දෙන්නට තිබුණු ලොකුම බය තමයි අපේ චරිත වලට අපි සාධාරණයක් ඉටු කරයිද කියලා.ඒ උනාට අපිට ලැබෙන ප්‍රතිචාරත් එක්ක අපි ඒ චරිත වලට සාධාරණයක් ඉටු කළා කියලා හිතනවා.
මල් පිපෙන කාලේ කතාවේ අපි සංවේදී වුණු අවස්ථා ගොඩක් තිබුනා.මොකද පිණිමුතු කියලා කියන්නේ තමන්ගේ අක්කගෙ ආදරය වගේම තාත්තාගේ ආදරයත් අහිමි චරිතයක්.මට තාත්තාගේ ආදරේ මට පොඩි කාලෙදි ලැබිලා නෑ.එනිසා තාත්තගෙයි දුවගෙයි ආදරේ කොයි වගේද කියලා වත් මට තේරුමක් නෑ. ඒ නිසා මේ ටෙලි නාට්‍යය මගෙයි නංගිගෙයි ජීවිත කතා වලට ගොඩක් සමානයි.හරිම සතුටුයි මේ වගේ නිර්මාණයකට රංගන දායකත්වය ලබා දීමට පුළුවන් වීම පිළිබඳව. “
යනුවෙන් තමයි ඔවුන් පවසා සිටියේ.ඉතින් අනුෂ්කි සහ කණුෂ්කි කියන්නෙ රංගන ක්ෂේත්රය තුළ ආධුනික රංගන ශිල්පීන් දෙපලක් වුවත් ඉතාමත්ම දක්ෂ ලෙස සිය රංගන කටයුතු කිරීමට ඔවුන් දෙදෙනාට පුළුවන් වුණා. ඉතිං ඔවුන්ගේ ඉදිරි අනාගත කටයුතු සියල්ලක් ම සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා