උණුසුම් පුවත්
Search
kalindu

”මං හේතු ඇහුවෙත් නෑ, එයා හේතු කිව්වෙත් නෑ” – පෙම් සබඳතාවයට තිත තියපු කළිඳු හඬ අවදි කරයි

18420

මාධ්‍යවේදියෙක් විදිහට බොහෝ දෙනෙක්ගේ ආදරය දිනාගත්තු ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙච්ච දක්ෂ පුද්ගලයෙක් තමයි කලිදු කරුණාරත්න කියන්නේ. ඉතාමත් කෙටි කාල සීමාවක් තුළ දී තමන්ගේ කටහඬ තුළින් ප්‍රේක්ෂකයන්ව ආකර්ෂණය කරගත් ඔහු දෙරණ රූපවාහිනි තිරයේ ප්‍රවෘත්ති නිවේදකයෙක් ඒ වගේම කාලීන වැඩසටහන ඉදිරිපත් කරන්නෙක් සහ දේශපාලන වැඩසටහන් ඉදිරිපත් කරන්නෙක් විදිහට ඔහු ප්‍රේක්ෂකයන් හමුවට ආවා.

ගොඩක් දෙනෙක් දන්නවා 2019 වර්ෂයේ ඉඳන් ඔහු පෙම්වතෙක් බවට පත් උනා කියන දේ. කලිදු මේ විදිහට ආදරේ කරන්න තෝරාගත්තේ සිදු ටෙලි නාට්‍ය හරහා බොහෝ දෙනෙක්ගේ හදවත දිනා ගත්ත මනීෂා චංචලා කියන තරුණියයි. නමුත් අවාසනාවකට පසුගිය කාල සීමාව තුළ දී මේ ආදර සම්බන්ධතාවයට නැවතීමේ තිත තියලා කියලා ආරංචි වෙනවා. ඉතින් ඒ සම්බන්ධයෙන් දෙදෙනාම මුනිවත රකිද්දී, කලිදු තීරණය කරනවා සති අග පුවත් පතකට පුවත්පතකට සිද්ද වෙච්චි දේ ගැන විවෘතව අදහස් ඉදිරිපත් කරන්න.

image 15

ඒ අවස්ථාවේදී ඔහු කිව්වේ පසුගිය කාලසීමාව තුළ දේ හරිම අසීරු කාලයක් ගත කරපු අතර ඇයගේ වෙන්වීමේ දුක යාළුවොත් එක්ක වැඩිපුර කාලය ගත කරමින් මගහැර ගත්ත කියලයි. ඒ වගේම සුපුරුදු පරිදි මේ වන විට රැකියාවට මුල්තැන දෙමින් ඔහු කටයුතු කරනවා කියලත් සඳහන් කළා. ඉතින් වෙන්වුන තමන්ගේ ප්‍රේමය ගැන කලිදු කිව්වේ මේ වගේ දෙයක්.

image 13

“ඉස්කෝලේ යන කාලේ පොඩි පොඩි ප්‍රේම සම්බන්ධතා තිබ්බා…. ඒත් හිත ගත්තු ප්‍රේමය ඇය කිව්වොත් හරි. 2019 වර්ෂය මැද තමයි අපි ආදරය කරන්න පටන් ගත්තෙ. අවුරුදු 03ක ආදර කතාවකට අප්‍රේල් මාස තිත තිබ්බා….. ඒ මගේ වුවමනාවට නෙවෙයි එයාගේ උවමනාවට. එදත් අදත් හෙටත් මම ඇයට ගරු කරනවා. එනිසා අපි ගෞරවනීය විදිහට කතා කතාබහ කරලා අයින් වුණා….

image 14

මම හේතු ඇහුවේ නෑ… ඇය හේතු කිව්වෙත් නෑ. හේතුව හොයන්න ගියොත් මට හිත හදාගන්න අමාරුයි….. ඒ නිසා එයාට ඇහුම්කන් දීලා සමුදුන්නා. හිතුවෙ නැති වෙලාවක තමයි එයා මට කතා කරලා අපි මේ සම්බන්ධ නතර කරමු කියලා කිව්වේ… එයාට නිදහස ඕන ඇති. ඒ නිසා අමාරුවෙන් උනත් මම එයාට යන්න දුන්නා… මගේ කැමැත්තට විතරක් අපේ ආදරේ තිබිලා වැඩක් නෑ. එක පාරක් විශ්වාසය බින්ඳ කෙනා නැවත වතාවක් ඒ දේ කරන්න දෙපාරක් හිතන්නේ නෑ…. දැන් මගේ විශ්වාසය බිඳිලා ඉවරයි. ආයෙ බාරගන්නෙ නෑ. එයා ආයෙ එයි කියලා හිතන්නෙත් නෑ…. වෙන්න තිබ්බ දෙයක් වුණා.”

image 16