උණුසුම් පුවත්
Search
amaya

”මම පවුලක් කැඩුවේ නෑ, මම ඒක පුන පුනා කියනවා” – අමායා මෙතෙක් නොකියූ ඇගේ කතාව

404

කාලයක් අපේ රටේ පුවත් මවපු නිරූපණ ක්ෂේත්‍රයෙන් කලාවට පිවිසි කෙනෙක් තමයි අමායා අධිකාරි කියන්නේ. අමායා මුලින්ම ක්ෂේත්‍රයට පිවිසෙන්නේ නිරූපිකාවක් විදියට කියලා බොහෝ දෙනෙක් නොදන්නවා ඇති. පසුව ඇය ගීත සඳහා රූප රචනයෙන් දායක වූ අතර පසු කාලෙක රංගන ශිල්පිනියක් විදියට ක්‍ෂේත්‍රයේ නමක් දිනාගන්න සමත්වෙනවා. ඒ වගේම අමායා කියන්නේ ගොඩක්ම දක්ෂ නර්තන ශිල්පිනියක් කිව්වොත් හරි. ඇයගේ පෞද්ගලික ජීවිතයේ සිදු වූ සිදුවීම් නිසා බොහෝ දෙනා අතර ඇය ප්‍රසිද්ධ වුණා….. ඒ අතර ප්‍රමුඛම කාරණය වෙන්නේ ඇය මෙරට ප්‍රකට සංගීත ශිල්පියෙකු වන අතුල අධිකාරී සමඟ විවාහ වීමයි.

May be an image of 1 person and jewelry

අතුල අධිකාරි කලින් විවාහ වෙලා හිටියේ ඔහුගේම ක්‍ෂේත්‍රයේ ප්‍රකට ගායිකාවක වන සමිතා මුදුන්කොටුව සමගයි. ඒ වගේම අතුලට සහ සමිතට දරුවන් දෙදෙනෙකු සිටිනවා. ඉතින් අතුල අධිකාරි, අමායා සමග විවාහ වීමත් සමග සමිතා දරුවන් දෙදෙනා සමග තනි වෙනවා. නමුත් පසුකාලීනව ඇය ද චිරන්ත ගුණවර්ධන නම් ටික්ටොක් හි ප්‍රකට තරුවක් සමඟ එක්ව දිවිගෙවන බව ඔවුන්ම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර සිටිනවා.

May be an image of 2 people, baby and people smiling

කොහොම වුනත් අමායා සහ අතුලගේ විවාහයත් සාර්ථක වෙන්නේ නෑ. ඔවුන් පුද්ගලික හේතුන් කිහිපයක් නිසා වෙන්ව ජීවත් වෙන්න තීරණය කරනවා…. විවාහයෙන් වෙන් වූ අමායා, රියලිටි තරුවක් වූ ජනප්‍රිය ගායක හර්ෂ දනොෂ් සමඟින් පෙම් සබඳතාවයක් ඇති කරගන්නා විත්තිය නොරහසක්. අතුල හා දික්කසාද වීමෙන් අනතුරුව ඈ විවාහ වෙන්නෙ හර්ෂ එක්ක. ඒ වගේම ඈ හා සමිතාගේ පවුලේ අය අතරත් කිසිදු විරසකයක් නොමැති බැව් ඔවුන්ගේ මුහුණු පොත්වල පළකිරීම්වලින් තහවුරු වුණා.

No photo description available.

ඒ කොහොම වුණත් පසුගිය දවසක යූ ටියුබ් නාලිකාව හා සම්මුඛ වෙමින් අමායා, ඈ හා අතුල අධිකාරි අතර කෝන්තර ගැන මේ විදිහට හෙළිදරවු කර තිබුණා…..

”මගේ බලාපොරොත්තුවක් තිබුණා, අතුල අධිකාරි කියන නම එක්ක… අධිකාරි කියන නමින් මට දරුවෙක් ඉන්න ඔිනි කියන එක. මම හරි ආසාවෙන් හිටියා…. අතුල අයියට මම යාලුවෙලා හිටපු කාලෙත් කිවුවේ මට කවදහරි දවසක ඔයාගේ දරුවෙක් ඔිනි, ඒ දරුවව මම හරි ආදරයෙන් හදනවා කියලා. වෙන කිසිම දෙයක් නිසා නෙවෙයි, මේ ක්ෂේත්‍රයට පොළඹවන්නවත් බලාපොරොත්තුවෙන් නෙවෙයි…’

අමායා කියන විදිහට ඈට වාසනාව ගෙනාවේ ‘අධිකාරි’ කියන නම…

No photo description available.

No photo description available.

May be an image of 1 person and wedding

”මම අද ඇත්තටම වැජඹෙන්න ”අධිකාරි” නේම් එක ලැබුණු නිසා. අධිකාරි නම මට ආපු කාලේ මිනිස්සු මට පුදුම විදිහට බැන්නා….. මම පවුලක් කැඩුවා, අරක කළා මේක කළා…. කියලා. මම පවුලක් කැඩුවේ නෑ. (මම ඒක පුන පුනා කියනවා…) ඒගොල්ලන් වෙන් වෙලා නම්, අතුල අයියට සමිතා එක්ක ඉන්න බෑ නම් අයින් වෙනවනේ. දරුවෝ හිටියත්…’‘මට ඇඟිල්ල දික් කළා. ඒ වුණත් මම හිතනවා මුකුත් වුණේ නෑ. මම හින්දා වුණේ අතුල අයියටත් මටත් අලුත් ජීවිත දෙකක් හම්බුණ එක.. මගේ දුව බඩට ආවම අතුල අයියටවත් හිතාගන්න බැරිවුණා….. අපි බැදලා අවුරුද්දකින් දෙකකින් වගේ තමයි ග්ලෝරි හම්බුනේ  ’

No photo description available.