උණුසුම් පුවත්
Search
peshala 1 1

”රටට පේන්න නෙවෙයි මං බැන්දේ, එයා එක්ක ඉන්නකොට මගේ ඔලුව නිදහස්” – පේෂල මනෝජ්

4669

පේෂල මනෝජ්, සචිනි නිපුන්සලා සහ මාධව කියන්නේ අපි කවුරුත් දන්න චරිතයන් තුනක්. මේ අතරින් පේෂල මනෝජ් කිව්වම ලොකු කුඩා ඕන කෙනෙක් දන්න තරමට ඔහු ජනප්‍රිය වෙලා ඉන්නේ. ඉතින් තබ්ලා වාදකයෙකු වගේම දක්ෂ නිවේදකයෙකු වන පේෂලට කවුරුත් ආදරය කරනවා. ඒ ඔහුගේ නිහතමානීකමයි. ඉතින් නිතර විනෝදෙන් ඉන්න පේෂල හැම රූපවාහිනී වැඩසටහනක්ම හරි සාර්ථකව වගේම විනෝදකාමී විදියට හසුරුවනවා.

image 276

ඉතින් මේ ලොකු කුඩා කවුරුත් ආදරය කරන පේෂල මේ වනවිට සතුටින් පවුල් ජීවිතය ගත කරනවා. ඔහු විවාහ වෙලා ඉන්නෙත් අපි කවුරුත් දන්න ජනප්‍රිය නිවේදිකාවක් සමගයි. ඇය රංගන ශිල්පිනියක්, නිවේදිකාවක් විදියට පුංචි තිරය ඔස්සේ අපි දකිනවා. ඒ තමයි පූර්නිකා පීරිස්. මෙරට ප්‍රමුඛ නාලිකාවක නිවේදිකාවක් විදියට වැඩ කරපු පූර්නිකා මේ වෙනකොට ඉන් ඉවත් වෙලා තමයි ඉන්නේ. මේ සම්බන්ධව සමාජ මාධ්‍ය තුළ බෙහෙවින්ම කතා බහ කෙරුනා.

image 279

පූර්නිකා සමගින් ප්‍රෙෂල විවාහ වන විටත් පූර්නිකාට ඇගේ කලින් විවාහයේ දරුවෙක් සිටිනවා. නමුත් ඒ කිසිවක් ගණන් නොගෙන තමයි පේෂල පූර්නිකාව විවාහ කරගන්නේ. පූර්නිකා සහභාගී වූ වැඩසටහනකදී සදහන් කරපු ආකාරයට පූර්නිකාගේ කලින් විවාහයේ දරුවාට ඇය බලාපොරොත්තු නොවූ තරමට පේෂල ආදරය කරනවා කියලා. ඉතින් ඒකයි ඇගේ අවසාන ප්‍රාර්ථනය.

image 278

ඉතින් ඒ වගේම මේ පුංචි කැදැල්ලට තවත් අමුත්තෙක් පැමිණියා. ඒ තමයි සිඟිති පුතු අභියුමන්. ඉතින් පූර්නිකා – පේෂල සහ දරුවන් දෙදෙනා සමගින් සතුටින් මේ වනවිට කාලය ගත කරනවා. ඉතින් පූර්නිකා සහ පේෂල සහභාගී වූ යූ ටියුබ් මාධ්‍ය සාකච්ඡාවකදී අදහස් දක්වලා තිබුණේ මේ විදියටයි.

image 284

”මම විවාහ වෙන්න තීරණය කරද්දී මම හිතුවෙ නෑ හොද ගෑණු ළමයෙක් එක්ක රටටම කියලා විවාහ වෙන්න. ලොකුවට වෙඩින් එකක් අරන් මිනිස්සුන්ට පේන්න වෙඩින් ගන්න නෙමෙයි, මම කැමති විදියට මට හරි යන කෙනෙක් එක්ක විවාහ වෙන්න තමයි මම කැමති වුණේ. ඒ නිසා මට පූර්නිකාගේ දේවල් ප්‍රශ්නයක් වුණේ නෑ….. මම බැලුවෙ මට නිදහසේ මගේ සතුට තියෙන තැන. ඉතින් මට පූර්නිකා එක්ක ඉන්නකොට ඔලුව නිදහස්. මම කැමති ඒ දේට. නැතුව රටට පේන්න බොරුවට සෝබන දේවල් කරන්න නෙමෙයි…”

image 277
image 280
image 281
image 282
image 283



Leave a Reply

Your email address will not be published.