උණුසුම් පුවත්
Search
oshadhi

”දුව පාක් එකකටවත් එක්කන් යන්න බැරි වුණා, දරුවන්ගේ අනාගතය ගැන දුකයි” – ඕෂධී හේවාමද්දුම

203

රංගන ශිල්පිනියක් ලෙස බොහෝ දෙනාගේ ආදරය දිනාගත් ඕෂධී හේවා මද්දුම කියන්නේ පස්සේ කාලෙකදී දේශපාලනය නිසා බොහෝ දෙනා අතර කතාබහට ලක්වූ චරිතයක්. මේ වන විට කලා ක්ෂේත්‍රයේ වැඩි වශයෙන් දැකගැනීමට නැති ඕෂධී දේශපාලන වේදිකාවට ගොඩ වීමත් සමඟ කලාවෙන් තරමක් ඈත් වුණා. දරුවන් දෙදෙනෙකුට ආදරණීය මවක් වන ඇය පසුගිය දිනෙක සිය දියණියගේ උපන්දිනය සමරනු ලැබුවා. ඒ සමඟම නැවතත් නිහඬව සිටි ඕෂධී ගැන ප්‍රේක්ෂකයින් කතා කරන්න පටන් අරගෙන. ඒ නිසාම ඕෂධී සමඟ කළ කතාබහක උපුටනයක් තමයි මේ.

දරුවන් දෙදෙනාගේ ආදරය ගැන ඕෂධී කියන්නේ මෙහෙම කතාවක්…..

”චූටි දුවගේ නම ලිසාරා අභිලාශි බුලත්සිංහල. දැන් චූටි දුවට වයස අවුරුදු හතරයි… අපේ පුතාගේ නම සස්නිත තිවේන් බුලත්සිංහල. පුතාට වයස අවුරුදු නවයයි. හැබැයි චූටි දුව එයාගේ අයියට සාපේක්ෂව ගොඩාක් දඟයි. එයා ක්‍රියාශීලී, හුරතල් දරුවෙක්. එක විදිහකට එක තැනකට වෙලා වැඩි වෙලාවක් ඉන්නේම නැහැ. නංගී ”අතේ බබා” ඉන්න කාලේදී ඉඳන්ම පුතා එයාගේ නංගිට හරිම ආදරෙයි. පුතා එයාගේ නංගිව පුංචි කාලේ මලක් වගේ පරිස්සම් කළේ….

image 35

ඉපදුණ මුල් කාලයේදී පුතා ඉස්කෝලේ ගිහින් දුවන් ආවේ නංගිව බලන්නයි. තාමත් ඒ ආදරේ කිසිම අඩුවක් නැහැ. හැබැයි සමහර වෙලාවට නංගිගේ දඟ වැඩ අයියට දරාගන්න ටිකක් අමාරුයි….. අයියගේ පොත් අදිද්දී, සෙල්ලම් බඩු අදිද්දී, අයියගේ චෝක් පෙට්ටිය කඩද්දී එයාගේ අයියාට තරහ යන වෙලාවලුත් තිනාවා. පුතා දඟ වැඩකරනවා අඩුයි. ඉතින් දූට දඟ වැඩක් කරලා අපි සැර කළොත් නම් පුතාට හරිම දුකයි. අපි දුවට බනිනවාට පුතා කැමතිම නැහැ. ඒ තරමටම පුතා එයාගේ නංගිට හරි ආදරෙයි. සමහර වෙලාවට නංගි කරන දඟ වැඩ නිසා අයියා පැත්තකට වෙලා තනියම අඬන වෙලාවලුත් තියෙනවා.”

image 30

ඕෂධීට රූපවාහිනියෙන් දකිද්දී චූටි දුවගේ ප්‍රතිචාර…..

”එහෙම ලොකු වෙනසක් නැහැ. ”ආ…. අම්මා ඉන්නවා…” කියලා සතුටු වෙනවා. ඒ හැර ලොකු වෙනසක්, ප්‍රතිචාරයක් දක්වන්නේ නැහැ. චූටි කාලේදී නම් දකිද්දී ”බබාටත් ටී.වී. එකට යන්න ඕනේ” කියලා නම් කිව්වා. අවුරුදු තුනේ ඉඳන් චූටි දූට වැඩසටහන් කිහිපයකට මාත් එක්ක සහභාගි වුණා. ඒ නිසා දැන්නම් දුවට මම රූපවාහිනියෙන් දකිද්දී ලොකු විශේෂත්වයක් නැහැ.

image 31

අද රටේ පවතින තත්ත්වයත් එක්ක දරුවන්ගේ අනාගතය ගැන ඕෂධීට මොකද හිතෙන්නේ?

”මගේ දරුවන් දෙන්නාගේ විතරක් නෙමෙයි මුළු සමස්ත දරු පැටව්ගේ අනාගතය ගැන ලොකු බයක් සහ දුකක් තිබෙන්නේ. 2019 අවුරුද්දේ අප්‍රේල් පාස්කු බෝම්බ පිපිරීමත් එක්ක අද දක්වා රටේ විවිධ ප්‍රශ්න නිසා දරුවන්ගේ අනාගතය පසුබැස්සා. අපේ පුතා 2019 අවුරුද්දේ දෙක වසරේ ඉගෙන ගත්තේ. එදා සිට පහ වසර දක්වා එයාලට පාසල් කඩින් කඩ තමයි යන්නට සිදුවුණේ. ඒ නිසා පුතාට බොහෝ දේවල් මඟහැරුණා…. දෙක වසර වෙනතුරු එයා එයාගේ ළමා කාලයේ නිදහසේ අත්වින්දා. පුංචි කාලේ පාක් ගියා. නිදහසේ දැඟලුවා. හැබැයි දුව ඉපදුනේ 2018 අවුරුද්දේ එයාට තේරෙන වයස වෙද්දී එයාට වැඩිපුරම ඉන්න සිදුවුණේ ගේ ඇතුළේ. පොඩි සීමාවේ විතරයි…. අඩුම තරමේ දුවට පාක් එකකටවත් එක්ක යන්න අපිට පුළුවන් වුණේ නැහැ. ඒ නිසා දුවගේ ළමා කාලය එයාගේ දඟ වැඩ නිදහසේ ගත කරන්න එයාට ලැබුණේ නැහැ. ඒ නිසා මේ දරුවන්ගේ අනාගතය ගැන ඇත්තටම දුකයි.”

image 32
image 33
image 34
image 28
image 29

Source – Gossip Lanka News

Photos – Oshadhi’s fb account




Leave a Reply

Your email address will not be published.