මනේජ් සංජය කියන්නේ අපේ තරුණ පරම්පරාවේ බොහෝ දෙනෙකු ආදරේ කරන ජනප්රිය ගායකයෙක්. හිරු ස්ටාර් රියලටි වේදිකාවෙන් බිහිවූ දක්ෂ තරුවක් වන ඔහුගේ ගීත මේ වනවිට ලංකාවේ ජනප්රියම තලයට ඇවිල්ලා තියනවා. මනේජ්ගේ මුලින්ම ජනප්රිය වුන ගීතයක් තමයි ”පණට නමක් දෙනවා නම්” ගීතය. ඉතින් එහෙම ගමනක් ඇවිල්ලා අද වෙනකොට ලංකාවේ ජනප්රිය ගායකයින් අතරේ ඉහලම තැනක ඉන්නවා. ඔහුගේ කඩවසම් පෙනුමත් එක්ක තරුණියන්ගේ සිහින කුමරෙක් බවටත් පත්වෙලා හිටියා.

දැන්නම් ඉතින් මනේජ් ආදරණිය සැමියෙක් වගේම පුංචි දියණියකගේ තාත්තා කෙනෙක්.

මිට මාස කිහිපයකට කලින් ඔහු පිය පදවිය ලබන්න වාසනාවන්ත වුනා. ඉතින් රටක් ආදරේ කරන මේ නිහතමානි ගායකයාට රසිකයින් හැම කෙනෙකුම ආදරණිය සුභපැතුම් එකතු කරලා තිබුනා. පුංචි දියණිය දැන් ටිකක් ලොකු වෙලා. පසුගිය දවසක මුහුනුපොතේ සටහනක් තබමින් මනේජ් කියලා තිබුනේ මෙහෙම කතාවක්. පුංචි දෝණි වෙනුවෙන් ඔහු ගීතයකුත් නිර්මාණය කරලා තිබුනා.

”මම මේ ගීතය හැදුවේ මගේ දු පැටියා බඩේ ඉන්නකොටමයි. තාත්තා කෙනෙක් අම්මා කෙනෙක් වුනාම දැනෙන හැඟීම වචන වලින් ලියලා මට පුළුවන් විදියට මෙලඩි එකක් හැදුවා…. දෝනි හම්බ වෙනකල්ම මගේ බිරිඳ මේ ගීතය හැමදාම ඇහුවා…. ඔන්න අපේ දෝනිගේ ලස්සන වීඩියෝ ක්ලිප් එකකකුත් මම හැදුවා…. කුස තුල දරුවෙක් තියාගෙන දහසක් පැතුම් හිතේ තියාගෙන ඉන්න අම්මා තාත්තාලට මේක උපහාරයක්ම වේවා…” කියලයි ඔහු පවසලා තිබුනේ.


”දැන් ඉතින් අලුත් ආදරෙත් එක්ක වගකීම් ගොඩයි. තාත්තා කෙනෙක් වෙලාම බලන්න ඕන ඒ හැඟීම දැනෙන්න. එලියට ආවම ගෙදර දුවනකල් ඉවසිල්ලක් නැහැ දෝනිගේ මුණ බලන්න. දියණියගේ නම මිහින්යා ස්වරැසි කියලා ඒකෙ තේරුම තමයි ”මිහිකතේ තාල මවන්නී” කියන එක. නම තියලා තිබුනේ ප්රසන්න කුමාර දාම්මලගේ…
ඉතින් දියණිය ලැබෙන්න කලිනුත් බිරිඳක් එක්ක ලස්සන ගොටෝ ශුට් එකකුත් කරලා තිබුනා.



Source – Rata wasiya
Photos – Manej Sanjaya fb account
- ”ලොව හොඳම ළමා නිළිය” සම්මානය පළමු වරල ලංකාවට ගෙනා සරලා දැන් ගෙවන සරල ජීවිතේ (ඡායාරූප සහිතයි)
- ඇමති සැමියාගෙන් වෙන් වුණු ජනප්රිය නිලි රොෂානා දියණියත් සමග දැන් තනිව ගෙවන ජීවිතේ (ඡායාරූප සහිතයි)
- ”එයා දුවෙක්” – කෝටිපති සැමියා පුදුමයට පත්කරමින් පළමු වරට මව්පදවිය ලබන සෙව්වන්දිගේ බබාගේ Gender Reveal පාටි එක
- රටේම අවදානය දිනූ අසේකා විවාහයෙන් පසු පළමු වරට රූපවාහිනී වැඩසටහනකට හැඩ වූ හැටි (ඡායාරූප සහිතයි)
- කරදරේ බැරිම තැන ආලියා භාත් දරු ගැබ පැපරාසීට පෙන්වයි (ඡායාරූප සහිතයි)
- ”මං එංගලන්තෙට ගියාම වැඩිපුර ඇඳුම් ගේනවා” – සෙනාලි ෆොන්සේකා
- සුරූපී පුෂ්පිකාගේ නුවරඑළි සංචාරය (ඡායාරූප සහිතයි)
- ”දැන් රඟපාලා විතරක් ජීවත් වෙන්න බෑ” – වොල්ගා කල්පනී