උණුසුම් පුවත්
Search
Untitled design 7

මගෙ පෙම්වතුන් දෙන්නගෙන් කවුරු තෝරගන්නද කියලා කියන්න බෑ – ශෙනායා ඇනීසා

101

Spicy cream cracker වෙළඳ දැන්වීම ඔස්සේ කාගේත් ආදරය දිනාගත් සුන්දර යුවතියක් තමයි ශෙනායා ඇනීසා කියලා කියන්නේ. නමුත් මේ දවස් වල නම් ඇයට ගොඩක් දෙනෙක් කතා කරන්නේ කිරුළි කියන නමින්. ඒ සිරස නාලිකාවේ විකාශය වන හිත ලග හිනහුනා ටෙලි නාට්‍යයේ ඇය රඟදක්වන අපූරු චරිතය නිසයි. ඒ වගේම තමයි music videos කීපයකටත් ඇය රංගනයෙන් දායක වී තිබෙනවා. ඉතින් අද අපි ඇය ගැන කතා කරන්නට සිතුවා. ඉතින් පසුගිය දිනක දී එක් වූ එක්තරා පුවත්පත් මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පිළිබඳව වැඩිදුර තොරතුරු රසිකයා සමඟ බෙදා ගත්තේ මේ විදිහට.

523346b6 2206 462b 935b 3df8e847eecb

“ඇත්තටම කිරුළි කියන චරිතයට ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. කිරුළි කියලා කියන්නේ දඟකාර කටකාර හුරතල් චරිතයක්. ඉතිං ඒ නිසාම වයස් භේදයකින් තොරව ලොකු කුඩා හැමෝම වගේ ඒ චරිතයට ආදරය කරනවා. මඟතොටේදී හමු වුණත් ගොඩක් දෙනෙක් මාව අදුරගෙන කතා කරනවා. ඒ නිසා ඇත්තටම ගොඩක් සතුටුයි. ඒ චරිතයයි මගේ සැබෑ ජීවිතයේ චරිතයයි ගොඩක් වෙලාවට එක වගේ. සමහර වෙලාවට මම කතා කරන්නෙම නෑ. ඒත් කතා කරන්න ගත්තම නතර කරන්නෙත් නෑ. ඒ කතාවේ හැටියට මට ප්‍රේමවන්තයෝ දෙන්නෙක් ඉන්නවා. ඉතින් ඒ දෙන්නගෙන් කවුරු තෝරගන්නද කියලා දැන්ම කියන්න බෑ. කතාව ලස්සනට ගලාගෙන යනවා. ඒ නිසා කතාව දිගටම බලන්න කියලා ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

8ecb5e33 f800 4591 a010 0f4a159f35e6

2017 වසරේදී තමයි මට මුලින්ම වෙළෙඳ දැන්වීමකට අවස්ථාව ලැබුණේ. මගේ නර්තන ගුරුවරයා වන දිලීප ආරියරත්න සර් තමයි මට ඒ සඳහා ලොකු සහයෝගයක් ලබා දුන්නේ. කුඩා කාලයේ ඉඳන්ම හීනයක් තිබුණා නිළියක් වෙන්න. නමුත් මේ තරම් ඉක්මනට නිළියක් වෙන්න පුළුවන් වෙයි කියලා නම් හිතුවේ නෑ. දැනට මගේ බලාපොරොත්තුව නම් හැකිතාක් කාලයක් රංගනය තුළ රැඳී සිටීමයි. ඉදිරියේදී විදෙස්ගත වේවිද කියලා කියන්න බැහැ එහෙම වුණත් ආයෙ ලංකාවට එනවා. මගේ ආදරය ගැන කතා කළොත් මම කැමති මං ගැන නිතරම හොයලා බලන කෙනෙක්ට. විලාසිතා වලට නීති රීති දාන කෙනෙක්ට මම කැමති නැහැ. මට තාම නම් පෙම්වතෙක් නෑ.”

42add750 e3fc 4787 bf0b 6d3531646e2c

ඒ විදිහට තමයි ඇය කියලා තිබුණේ. ඉතින් ඇයගේ සියලු ම ඉදිරි අනාගත කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.

WhatsApp Image 2022 09 30 at 07.14.46
67372515 59b2 483b 9b80 598708921422
WhatsApp Image 2022 09 30 at 07.14.46 1