උණුසුම් පුවත්
Search
paba

”මට අලුතෙන් එන සමහර අය පේන්න බෑ” – උපේක්ෂා ස්වර්ණමාලිනි

597

ස්වාධීන රූපවාහිනියේ විකාශය වුණු දීර්ඝතම ටෙලිනාට්‍යයක් වන ‘පබා’ ටෙලිනාට්‍යයේ පබා චරිතයට රංගනයෙන් දායක වුණු ඇය ජනප්‍රිය සුරූපි රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලිනී. ඉතින් උපේක්ෂාව මේ දිනවල ටෙලිනාට්‍යය කිහිපයක් හරහා ඇයට ආදරය කරන ප්‍රේක්ෂකයන්ට දැක බලා ගන්න පුලුවන්. ඉතින් උපේක්ෂා ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ඉන්න කාලයේම දේශපාලනයට සම්බන්ධ වුණා.

May be an image of 2 people, people standing and indoor

පළමු විවාහයට සමුදුන් ඇයට දෙවන විවාහයෙන් ආදරණීය දුවක් ඉන්නවා. කොහොම නමුත් මේ වන විට දෙවන විවාහයෙන් ද ඈත්ව සිටින ඇය දුව සමගින් සතුටින් ජීවිතය ගත කරනවා. උපේක්ෂා දැන් දරුවගේ යුතුකම් සහ වගකීම් වගේම සියලු අභියෝග වලට මුහුණ දෙමින් ජීවත් වෙන අපූරු ගැහැණියක්. ඇය එක්තරා මාධ්‍ය සාකච්ඡාවකදී කියලා තිබුණා ඇය රංගනයට ආව මුල් කාලයේ ඇයට ප්‍රධාන චරිතයක් ලැබුණත් ඒ චරිත ඇගෙන් ගිලිහුණා, ඒ සිංහල උච්චාරණය අපහසු නිසා කියලා.

May be a closeup of 1 person

ඉතින් උපේක්ෂා ක්ෂේත්‍රයේ කා සමගත් සහයෝගයෙන් වැඩ කරන කෙනෙක් වගේම ක්ශේෂ්ත්‍රයේ ඉන්න පරණ රංගන ශිල්පිනියක් විදියට නව පරපුර ගැන මේ විදියටයි අදහස් දක්වලා තිබුණේ.

”මට අලුතෙන් එන සමහර අය පේන්න බෑ…. මොකද එයාලට දක්ෂතාවත් නෑ. අත්දැකීමුත් නෑ. ස්මාර්ට් ෆෝන් එකේ ෆිල්ටර් එකක් දාලා කැත ඔක්කොම වහලා වීඩීයෝ එකක් දාපුවහම වීව්ස් 1000ක් විතර වැටුණම එයා තමයි ජනප්‍රිය කියලා හිතනවා. ෆිල්ටර්ස් වලට රැවටෙන්නැතුව ජීවිතයේ යථාර්ථයට මුහුණ දෙන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ…” කියලයි රංගන ශිල්පිනී උපේක්ෂා ස්වර්ණමාලී අදහස් දක්වලා තිබුණේ.

May be an image of 1 person, child and standing