ලාංකේය සංගීත ක්ෂේත්රයේ බොහෝ දෙනාගේ ආදරයට, ගෞරවයට පාත්‍ර වූ ඇය නමින් අභිෂේකා විමලවීර.
ගායනයට, නිවේදනයට, රචනයට ඇතුළු කලා හැකියාවන් රැසකට උරුමකම් කියන ඇය රූපලාවන්‍ය ක්ෂේත්රයේ ද නමක් දිනා සිටින කෙනෙක්.
කුඩා කල සිටම ඇය සිය කලා කුසලතා විදහා දක්වමින් රූපවාහිනිය හරහා ප්‍රේක්ෂක හදවත් ඇඳ බැඳ ගත්තා කිව්වොත් නිවැරදියි.

සංගීත ක්ෂේත්රයෙන් විශාරද නාමය පවා හිමිකරගෙන සිටින ඇය පසුගිය කාලයේ සිරස නාලිකාවේ වොයිස් වැඩසටහනේ කැපී පෙනෙන චරිතයක් වූයේ එහි විනිශ්චය මණ්ඩලය තුළ කටයුතු කිරීමත් සමඟයි.
කෙසේ නමුත් ඇය සමාජ මාධ්‍ය තුළ ද බොහෝ දෙනාගේ ආදරය දිනාගන්නට සමත් තැනැත්තියක්.
නමුත් ඇය පෞද්ගලික ජීවිතයේ තොරතුරු අනවශ්‍ය ලෙස සමාජගත කරන කලා ශිල්පිනියක් නම් නොවේ.

පසුගිය දිනෙක ඇය යූ ටියුබ් නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමින් සිය ජීවිතයේ තොරතුරු සඳහන් කර සිටියා.

එහිදී ඇය සිය විවාහ ජීවිතය ගැන අදහස් දක්වා සිටියේ මෙලෙසින්,
”විවාහ ජීවිතය අපූරුයි කියලා කියන්න බෑ…. පළවෙනි එක. දැන් අපි බැඳලා අවුරුදු 09යි. බැඳපු දවසේ ඉඳන් අද වෙනකන් විවාහ ජීවිතය ඇතුලේ අපිට වෙන්න පුළුවන් හැම විදියෙම ප්‍රශ්න වෙලා තියෙනවා. හැම විදියෙම කිව්වම මං දන් නෑ මොන විදියට ගනීද කියලා… හැබැයි හිත් රිදීම්, රණ්ඩු වෙන ඒවා, බබා සම්බන්ධ ප්‍රශ්න හැමදේම වෙනවා… ඒක අපූරුයි… ඒක තමයි විවාහ ජීවිතයේ අපූර්වත්වය..” ලෙසයි.

අභිෂේකා මේ වන විට දියණියකගේ මවක්. ඇය විවාහ වී සිටින්නේ නිරාන් අලහකෝන් නම් වෘත්තියෙන් ඉංජිනේරුවරයෙකු සමඟයි.

සිය පියාගේ ආශිර්වාදයත් මවගේ ආදරයත් නිරන්තරයෙන් සිහිපත් කරන ඇය මෙතෙක් ආ දුර වියෝවූ පියාගේ ආශිර්වාදය තවමත් ඇති බවයි පවසන්නේ.
ඉතින් ඇයගේ සියලු බලාපොරෝත්තු ඉටු වන අනාගතයකට අපිත් සුබ පැතුම් එක්කරනවා.
