උණුසුම් පුවත්
Search
herath

”ගෑස් දෙන්න බෑ, මිනිස්සු බනින්නෙ මට” – ලිට්‍රො සභාපති ඉල්ලා අස්වෙයි

236

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති ධුරයෙන් ඉංජිනේරු විජිත හේරත් අද (10) පස්වරුවේ ඉල්ලා අස් වුණා.

කොළඹ වරායට පැමිණ තිබෙන ගෑස් මෙට්‍රික්ටොන් 3900ක් රැගත් නෞකාවට දින 02ක් ගත වී තිබුණ ද මුදල් ගෙවීමට නොහැකි වීම මත ගැටලු පැන නැගී ඇති වාතාවරණයක ඔහු මෙලෙස සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහුට පුද්ගලිකව එල්වී ඇති පීඩනය මත ඉල්ලා අස්වීමට සිදුවූ බව ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ තෙෂාර ජයසිංහ පසුගිය අප්‍රේල් මස ඉල්ලා අස්වීමෙන් පසුව විජිත හේරත් අප්‍රේල් මස 21 වැනි සභාපති ධුරයට පත් වුණා.

ඒ අනුව ඔහු සභාපති ධුරයේ සේවය කරනු ලැබුවේ මාස එකහමාරකි.

අධික ගැටලුවක්ව පවතින ගෑස් ලබාදීම රටපුරාම මේ වන විට ජන ජීවිතය මුළුමනින් අඩාල කර තිබෙනවා.




Leave a Reply

Your email address will not be published.