උණුසුම් පුවත්
Search
Untitled design 29

” මම ලිහිණිගෙ චරිතයෙන් සමුදුන්නා, කවදාවත් වැරදි පාරේ යන්නෙ නැහැ ” – ශලනි ෆර්නැන්ඩෝ

1050

අපේ රටේ තරුණියන්ට වර්තමානයේ කලා ක්ෂේත්‍රයට පිවිසීමට ඇති ප්‍රධානතම අවස්ථා බවට රූපවාහිනී නාලිකා මඟින් පවත්වන අවුරුදු කුමරිය තේරීමේ තරග පත්වෙලා තියෙනවා. එම තරඟ මගින් කලා ක්ෂේත්‍රයට පැමිණි අය අතර බොහොමයක් ජනප්‍රිය රංගන ශිල්පිනියන් සිටිනවා .

දෙරණ අවුරුදු කුමරිය ජයග්‍රහණයත් සමඟ රංගනයට එකතු වුනු ශිල්පිනියක් තමා ශලනි ෆර්නෑන්ඩෝ කියන්නේ . දෙවෙනි ඉනිම ටෙලි නාට්‍ය හරහා ඇය ජනතාව අතර වඩාත් කතාබහට ලක්වුණා. ශලනි තමන්ගේ රංගන ජීවිතය පටන් ගත්තු දෙවෙනි ඉනිම ගෙන පවසලා තිබුනේ මෙන්න මේ වගේ අදහසක්. මම රංගන ශිල්පිනියක් වීමේ ගෞරවය හිමි වෙන්න ඕන ලිහිනිට මෙතරම් ජනතා ආකර්ශණයක් ආදරයක් ලැබිච්ච එක ගෙන මම හරි සතුටුයි. ගම්බදව පුදුමාකාර ජනතා පිළිගැනීමක් තිබේන්නෙ. ලිහිනිට වගේම සමාන ආදරයක් පිළිගැනීමක් ලොක්කිට හිමිවුණා ලොක්කී ටෙලි නාට්‍යයත් අති සාර්ථක නිර්මාණයක් උනා.

Personalized Video Message from Shalini Fernando 2

මේ දවස් වල දෙවිනි ඉනිම ටෙලි නාට්‍යය තුළ ලිහිණි දකින්නට ලැබෙන්නේ නැහැ ඒ ගැන ශලනි කිව්වේ මෙන්න මෙහෙම කතාවක්. අවුරුදු පහක් ගොඩක් කැපකිරීම් කරලා ලිහිනිට සාධාරණයක් ඉටු කරා යම් යම් හේතු කාරණා නිසා එහිදී ලැබුණු ප්‍රේක්ෂක ආදරයක් තුරුලු කරගෙනම මම ඒ චරිතයට සමු දුන්නා. ලඟදිම ලොක්කි 2 එනවා.

ඇය රංගනය කියන හදාරලා තියෙනවද කියලා ඇහුවහම කිව්වේ මෙන්න මෙ වගේ අදහසක්. දෙරණ අවුරුදු කුමරිය තරගයට 2017 වර්ෂයෙ තමයි ඉදිරිපත් වුණේ ජයග්‍රහණයත් සමග තමයි රංගනයට අවස්ථාව ලැබුනෙ ඒ ලක්සිරි වික්‍රමගේ sir නිසා. අවසන් වටයට තේරුණු කුමරියන් හැමදෙනාටම screen test තිබ්බා එතනින් තමයි මට රංගනයට ආරාධනා ලැබෙන්නේ . ලිහිණි දෙවැනි ඉනිමට එකතු වෙන්නේ කතාව අතිශයින් ජනප්‍රිය කාලයෙ.

Shalini Fernando Feet 6452243

ශලනිගේ පුද්ගලික ජීවිතය ගැන කතා කළොත් . පියාගේ ආදරය පුංචි කාලෙදි ඇයට නැතිවෙලා . අම්මයි අයියයි එක්ක තමයි. මුදලට ප්‍රසිද්ධියට තමන්ගේ ආත්ම ගෞරවය පාවලා දෙන චරිත කරන්නෑ කියල තමයි ඇය කියලා තියෙන්නේ.ජිවිතේ හෙවනැල්ලක් වගේ ඉන්න එකම කෙනා තමන්ගේ අයියා කියලා තමයි ඇය සති අන්ත පුවත්පතකට ඇගේ පුද්ගලික ජීවිතය ගැන ප්‍රකාශ කරලා තියෙන්නෙ. කවුරු එයාව කැපුවත් එයා යන්නෙ එයාම හදාගත්ත පාරක හිම්න් ගමනක්. ශලනිගේ ධෛර්යවන්ත ප්‍රකාශය තමයි ඒක .

හැමෝම ආදරය කරන මේ රංගන ශිල්පිනියට අපි සාර්ථක අනාගතයකට සුභ පැතුම් එක් කරමු.

271594314 1128550534584465 8188876579575364731 n