නර්තන ලොව තුළ අපූරු හැඩතල මවමින් සුවහසක් ශ්‍රී ලාංකික රසික රසිකාවියන්ගේ නිරන්තර ආදරය සහ ආකර්ෂණය දිනාගත් ආදරණීය නර්තන ශිල්පිනියක් තමයි අසේකා විජේවර්ධන කියලා කියන්නේ. නර්තන ක්ෂේත්‍රයේ ප්‍රවීනයන් දෙපළක් වන චන්න විජේවර්ධනයන්ගේ සහ උපුලී පණීභාරතයන්ගේ එකම දියණිය වන ඇය තම මවු පියන්ගෙ ආභාෂය එලෙසින්ම උරුම කර ගෙන තිබීම විශේෂත්වයක්. ඇයගේම කියා නර්තන පාසලක් ආරම්භ කර මේ වන විට සිසු සිසුවියන් බොහොමයකට ගුරුහරුකම් ලබා දෙන ඇය රූපවාහිනී නාලිකා වල විකාශය වන ඕනෑම විශේෂ අවස්ථාවකදී නර්තනයෙන් සිය දස්කම් පානවා.

ඉතින් පසුගිය දිනක දී ඇගේ ජීවිතයේ සුන්දරම අවස්ථාවක් උදා වුණා. ඒ තමයි ඇයගේ විවාහ මංගල උත්සවය. අති උත්කර්ෂවත් අන්දමින් කලා තරු පිරිවරා ගනිමින් ජනික් ජයසූරිය නම් කඩවසම් තරුණයා සමග යුගදිවියට එළැඹි ඇය මේ වන විට ඉතාමත්ම සාර්ථක විවාහ ජීවිතයක් ගත කරනවා. ජනික් කියලා කියන්නේ මෙරට කළා පවුලකට උරුමකම් කියන කෝටිපති කඩවසම් තරුණයෙක්. ව්‍යාපාරික ක්ෂේත්‍රයට වැඩි නැඹුරුවක් දක්වන ඔහු ප්‍රවීණ රංගන ශිල්පී ගාමිණී ෆොන්සේකා මහතාගේ මුණුබුරා ද වෙනව.

ඉතිං පසුගිය දිනකදී අසේකා එක්තරා යූටියුබ් මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වූ අතර එහිදී ඇය තරුණියන්ට වඩාත්ම වටිනා කරුණු කිහිපයක් ගැන සාකච්ඡා කරල තිබුණා. ඒ මේ විදියට…..

“මම ගොඩක් තෘප්තිමත් මගේ සමේ වර්ණය ගැන. ගොඩක් අය තෘප්තිමත් නෑ. මං දන් නෑ ඒ ඇයි කියලා. මම දන්න විදිහට ඒකට මූලිකම දේ තමන් තමන් ගැන තෘප්තිමත් නෑ, තමන් තමන්ට ආදරේ නෑ….

තමන් හැමවෙලාවෙම බලන්නෙ වෙන කෙනෙක් වෙන්න, වෙන කෙනෙක්ගේ පාට වෙන්න. මම මගේ පෞරුෂයට ආදරේ කරනවා. මේ දේවල් නිසයි අද මම මෙතන ඉන්නෙ. මම හිතනවා සමේ වර්ණය කියලා, තමන්ගේ දැනුම ගැන හිතලා පහළට දාන්න හොඳ නෑ. තමන්ට ඒක ගෞරවයක්”
