සෂිකා නිසංසලා කියන්නේ ඇත්තටම බොහොම අහිංසක චරිතයක්…. ඇය ගායනා කරන ගීතත් ඇය වගේම සෞම්‍යයි… කොහොම වුණත් කාලයත් එක්ක මොන මොන විලාසිතා ආවත් සෂිකා කියන්නේ කවදත් එකම වගේ තමගේ ප්‍රතිරූපය පවත්වාගත්ත චරිතයක්…
කාන්තාවක් විදිහට කවුරු කොහොම විලාසිතා කරන්න පෙලඹුණත් ශෂිකා නම් කියන්නේ හැමදාම ඇගේ විලාසිතා එකම විදිහකට සීමා වෙනවා කියලයි. ඇය ඒ ගැන කියලා තිබුණේ මෙන්න මේ වගේ අදහසක්…
” මම කලාකාරිණියක් විදිහට විලාසිතා කරනවා.. ඒත් එක්කම මම ලස්සනට අඳිනවා පළඳිනවා, මේකප් කරනවා….. ඒත් හැම වෙලාවකම මම ඒ දේවල් කරන්නේ මගේ රූපයට සහ මට ගැලපෙන විදිහට විතරයි… සමහර වෙලාවට නොගැලපෙන හැසිරීම්, නොගැලපෙන ඇඳුම් නිසා මගේ චරිතයට හානියක් වෙන්න පුළුවන්…..
කොහොම වුණත් ගමක හැදුන වැඩුණ මට ඇඟ නිරාවරණය වන විදිහට ඇඳුම් ඇඳලා හුරු නැහැ.. කොළඹ හැඳුන වැඩුන කෙනෙක්ට මේ දේවල් සාමාන්‍ය ඇති… නමුත් මං විශ්වාස කරනවා අපේ රටේ සංස්කෘතියට ගැලපෙන ඇඳුම් තමයි මට ගැලපෙන්නේ…..” කියලා තමයි ඇය නම් සඳහන් කරන්නේ.
පුතුන් දෙදෙනෙකුගේ ආදරණීය මවක් වුණ ඇය තවමත් එදා මෙන් ලස්සනටම ඉන්නවා.