උණුසුම් පුවත්
Search
Untitled design 37

” අම්මගෙන් ලැබිච්ච පන්නරය නිසා තමයි මම මේ විදිහට ඉන්නේ ” – නතාෂා පෙරේරා

197

කලා ක්ෂේත්‍රය තුළ සිටින අතිශය ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි නතාෂා පෙරේරා කියලා කියන්නේ. ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වු දඟ මල්ල ටෙලි නාට්‍ය ඔස්සේ කාගේත් ආදරේ දිනා ගැනීමට සමත් වූ ඇය ඉන්පසුව සුළඟක් වී මං යනවා ගීතය ඔස්සේ අතිශය රසික ආකර්ෂණයක් දිනාගැනීමට වාසනාවන්ත වුණා. ඒ වගේම තමයි මෑත කාලීනව ඇය ගායනා කරන ලද ගීතයන් වලටත් රසිකයන්ගෙන් ලැබෙන්නේ උණුසුම් ප්‍රතිචාර. ඉතින් කොහොම වුණත් නතාෂා පෙරේරා කියලා කියන්නේ ඉතාමත්ම සුන්දර යුවතියක්. ඒ නිසාම තමයි බොහෝ තරුණයන්ගේ නිරන්තර ආදරයට නතුවීමට ඇයට හැකි වෙලා තියෙන්නේ.

264937127 455534252606905 8937277437544651071 n

ඉතින් පහුගිය දවස් වල දී ඇය ගැන නොයෙක් දෙනා විවිධාකාරයේ දේවල් කිව්වා. ඒ ඇගේ සම පැහැපත් වීම පිළිබඳව එක්තරා යූටියුබ් මාධ්‍ය සාකච්ඡාවක දී ඇය පවසන ලද දෙය නිසයි. කෙසේ නමුත් නතාෂා කියලා කියන්නේ ඉතාම සුරූපි සුන්දර යුවතියක්. මේ වන විට ප්‍රිහාන් නැමති ගායන ශිල්පියා සමඟ යුගදිවියට පත් වී සිටින ඇය ඉතාම සාර්ථක පවුල් ජීවිතයක් තමයි ගත කරන්නෙ. ඉතින් දිනක් ඇය ඇගේ සැමියා පිළිබඳව ඇසූ විට පැවසුවේ මේ වගේ දෙයක්.

15873138 1455569137795290 8501949047231009138 n

” මං ප්‍රිහාන්ව දන්නේ අවුරුදු දහයක් තිස්සේ. ඇත්තටම ඔහුගෙන් මට ලොකු ශක්තියක් ලැබෙනවා වගේම ඔහු මට හැම දේකදිම උදව් කරනවා. මම නීතිඥ විභාග කරන කාලෙදි පවා එයා මං ලඟින් හිටියා. මං පාඩම් කරන කාලේ මාව motivate කරන්නේ රසම රස කෑම ගෙනත් දෙන්නෙ එයා. ලෝකෙ කෙලවරෙන් හරි එයා මොනවා හරි අරන් එනවා. ඇත්තටම එයා තමයි අම්මි වගේම ශක්තියක් වුණේ. එයා කැමතියි මම නිර්මාණ කරනවා නම්. නමුත් අපි දෙන්නම එකට නිර්මාණ කරන්න ඕනි නෑ කියන තැන එයා ඉන්නෙ. ඇත්තටම මේකත් කියන්න ඕනේ අම්මගෙන් ලැබිච්ච පන්නරය තමයි මම මේ විදිහට ඉන්නේ. “

ඉතින් කවුරුත් ආදරය කරන මේ ආදරණීය රංගන ශිල්පිනියගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා සුබ පතනවා.

308666588 647511913409137 7771437365208648161 n