ඇන්තනී පවුල කියන්නේ අපේ රටේ කොයි කවුරුත් දන්න ජනප්‍රිය කලා පවුලක්. මේ කලා පවුලේ නියමුවා තමයි මහා රංගධර ජැක්සන් ඇන්තනී. මේ දින වල ඔහු රෝහල්ගතව සිටින පුවත නොරහසක්. ඔහුට ඉක්මන් සුව පතන අතරේ මේ පල කරන්නේ උපුටා ගැනීමක්.

ඉතින් මේ කලා පවුලේ කොයි කවුරුත් ආදරය කරන ජනප්‍රිය රංගන ශිල්පීන් ශිල්පිනියන් තුන් දෙනෙක් ඉන්නවා. මාධවී වත්සලා, අකිල ධනුද්ධර සහ සජිත ඇන්තනී කියන්නේ.

මේ පවුලේ චුටි පුතා තමයි සජිත ඇන්තනී කියන්නේ. පොඩි කාලේ ඉදලම කලා ආභාෂයත් එක්ක හැදී වැඩුණු සජිත ළමා රංගන ශිල්පියෙක් විදියට කලාවට එකතු වෙනවා. ඔහු ළමා රංගන ශිල්පියෙක් විදියට ‘සූරිය අරණ’ චිත්‍රපටයේ රංගනය කරනවා.

ඉතින් මේ වන විට දක්ෂ රංගන ශිල්පියෙක් වන සජිත කාගේත් ආදරය දිනා ගෙන ඉන්න කෙනෙක්. ඔහු රංගනය කල ‘නාඩගම්කාරයෝ’ ටෙලිනාට්‍යයේ සරා විදියට කාගේත් ආදරය දිනා ගත් සජිත මේ වන විට ඇන්තනී පවුලේ චූටි පුතා වුනාට දැන්නම් ඔහු ආදරණීය පියෙක්. ඉතින් කුඩා කාලේ ඉදලම කලා ආභාෂයත් එක්ක රංගන පාසලක ජීවත් වෙන සජිත සහ සහෝදර සහෝදරියන් එක්ක ගත කල ළමා කාලය ගැන ඔහු මේ විදියටයි මතකය ආවර්ජනය කලේ.

”අපේ ගෙදර ඉස්සර යුද පිටියක් වගේ. මම තමයි අපේ ගෙදර බාලම. එතකොට අපේ අක්කා තමයි අපේ පවුලෙ සැරම. අයියා තමයි හොදම. මම තමයි දගම. අපි තුන් දෙනා පඩිපෙලක් වගේ…. අයියා මට වඩා අවුරුද්දයි වැඩිමහල්. අක්කා 3යි. ඉතින් අපි සෙල්ලම් කරනවා ඉස්සර…”
