උණුසුම් පුවත්
Search
wimalaweera

”මං හිඟන්නෙක් ගාණට වැටිලා, මන්ත්‍රී ඉන්ධන දීමනාව මදි” – විමලවීර දිසානායක

100

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායකට තම ගම් ප්‍රදේශය වන අම්පාර සිට කොළඹට පැමිණීමට සඳහා ඉන්ධන වියදම රුපියල් 55,000ක් වැය වන බව පවසයි.

මන්ත‍්‍රීවරුන්ගේ ගමන් සඳහා වැයවෙන ඉන්ධන වියදම දැනට ලැබෙන දීමනාව ප්‍රමාණවත් නැතැයි ද පැවසූ ඔහු මෙතෙක් රුපියල් 104 බැගින් ඉන්ධන ලීටර 600යක් සදහා මුදල් ලබාදුන්න ද අද එම මුදලට ඉන්ධන ලබාගත නොහැකි බව ද පැවසීය.

එමෙන්ම අම්පාර දිස්ත්‍රික්කයේ ස්ථාන 02කට ගියහොත් රුපියල් 75,000ක් ඉන්ධන සදහා වැයවෙන බව ද පැවසූ ඔහු එම නිවාස දුර ප්‍රමාණයන් ඇතැම් විට කිලෝමීටර 200 ඉක්මවන බවත් පවසයි.

අද වන විට තම නිවෙස ගිනිබත් කර ඇති බැවින් ඉන්න හිටින්න තැනක් නොමැතිව හිගන්නෙකුගේ තත්වයට වැටී ඇති බවයි ඔහු පවසන්නේ.