උණුසුම් පුවත්
Search
niranjani

”මට අවුරුදු 34ක් කියලා මම කියන්නේ ආඩම්බරයෙන්” – නිරංජනී ශන්මුගරාජා

119

නිරංජනී ශන්මුගරාජා කියන්නේ ජාත්‍යන්තර සම්මාන පවා හිමි කරගත්තු අතිශය දක්ෂ රංගන ශිල්පිනියක්. පසුගිය කාල සීමාව පුරාවටම ඇය පිළිබඳව කතාබහ කරන්න පටන් ගත්තේ සුනාමි චිත්‍රපටය වෙනුවෙන් ඇය දැක්වූ අද්විතීය රංගන කුසලතාව සහ ඒ වෙනුවෙන් ඇයට හිමිව ජාත්‍යන්තර සම්මාන නිසයි.

රංගන ශිල්පිනියකට අමතරව අද වන විට ජාතික රූපවාහිනියේ නිවේදිකාවක් විදිහට කටයුතු කරන ඇය සඳහන් කරන ආකාරයට ඇයගේ පළමු රැකියාව ජාතික රූපවාහිනියෙ නිවේදන වෘත්තියයි.

May be an image of 1 person

තාමත් තනිකඩ ජීවිතයක් ගතකරන නිරන්ජනී අද වන විට චිත්‍රපටි 10කට තමන්ගේ රංගන කුසලතාවයෙන් දායකත්වය දක්වලා තියෙනවා. එනිසාම ඇය අද ඉන්න තත්ත්වය ගැන සහ ජීවිතය ගැන කිව්වේ මේ වගේ කතාවක්…..

May be an image of 1 person and braids

“අපි ලස්සනට ඉන්නවා කියන එක වෙනම එකක්….. වයසට යනවා කියන එක නවත්තන්න බැහැ. life එක කියන්නේ enjoy කරන්න ඕනි දෙයක්. ඒ නිසා වයසට යන එක ගැන මම නම් සතුටුයි…. මට 34ක් කියලා මම කියන්නේ ආඩම්බරයෙන්. මොකද මම පරිණත බව මම දන්නවා…. විසි ගණන් වල දී ගත්ත තීන්දු, තීරණ වැරදි බව මම දැන් දන්නවා. අවුරුදු 34ක් හැලහැප්වීම් මත ජයග්‍රහණ රැසක් එක්ක ජීවිතය ගෙවීම මාර ලස්සන කතාවක්. මේ අවුරුදු 34ට මම ෆිල්ම් දහයක් කළා…. රටම දන්න නිළියක් වුණා”

May be an image of 2 people and text

ඉතින් ඔන්න ඔය විදියට තමයි ඇය ඇයගේ ජීවන කතාව පිළිබඳව අදහස් දැක්වූයේ.

No photo description available.

 

May be an image of 2 people, musical instrument and text

May be an image of 1 person and smiling

May be an image of 1 person and jewelry