ඉතාමත් සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ප්‍රවීණ රංගන ශිල්පිනි කුසුම් රේණු මේ වනවිට ආදරණීය ලොකු දියණියන් දෙදෙනකුගේ දයාබර මවක්. කලකට පසු පුවත්පතකට කුසුම් තමන්ගේ පෞද්ගලික ජීවිතය ගැන කිව්වේ මේ වගේ කතාවක්.

ලොකු දුව ඉන්දියාවේ බැංගලෝර් විශ්වවිද්‍යාලය උපාධිය ලබාගෙන දැන් ලංකාවට ඇවිත් මනමාලියන්ගේ ඇඳුම් නිර්මාණය කිරීමේ කටයුතුවල යෙදෙනවා.
දෙවනියාත් තාරුකී හඬකැවීම් ශිල්පිනියක් ලෙස හොඳින් තම කටයුතු කරගෙන යනවා.ඒ වගේමයි සුභ සහ යස රාස්ස පරාස්ස ආදී නාට්‍යවලත් රඟපෑවා.ලොකු දුවත් ටෙලි නාට්‍යයක කුවේණි විදිහට රඟ පෑවා ඒත් තාම එක විකාශය වුණේ නැහැ.

දෙන්නටම ගීත ගායනා කරන්න පුළුවන් ඒ වගේම මගේ ආදරණීය මිනිපිරිය ඇයත් අපේ ජීවිත සතුටින් පුරවනවා.
ඒ වගේම දැම්මෙ වර්තමානය වන විට මම ඉතාමත් කැමැත්තෙන් මසකට එක්දිනක් ධර්මානුකූලව පැවැත්ම තහවුරු කරමින් ධර්ම දේශනා ධර්ම සාකච්ඡා හා භාවනා ක්‍රම සමඟ ගත කරන්න යොමුවෙලා ඉන්නවා.
