ශ්‍රී ලාංකික නිරූපණ ක්ෂේත්‍රයේ වැඩිම ආකර්ෂණයක් සහ අවධානයක් දිනාගත් සුන්දර නිරූපණ ශිල්පිනියක් තමයි හසිනි සැමුවෙල් කියලා කියන්නේ. ආන්දෝලනාත්මක නිරූපණයන් ඔස්සේ කතාබහට ලක්වුණු ඇය මේ වන විට ආදරණීය පුතකුගේ සෙනෙහෙබර මවක් වෙනවා. ඉතින් කවුරුත් දන්නවනේ ඇය විවාහ වන්නේ ලංකාවේ සිටින ජනප්‍රියම රැප් ගායන ශිල්පියෙක් වන ෆිල්ටි සමඟයි. ඇය පළමු වරට විවාහ වන්නට සිටියේ විශ්ව සමඟයි. නමුත් ඔවුන්ගේ විවාහ මංගල උත්සවයේ දී හසිනි සැමුවෙල් filti සමඟ සම්බන්ධයක් ඇතිකර ගත් නිසා එම විවාහය පැවැත් වූයේ නැහැ. ඉන්පසුව තමයි හසිනි සහ filti විවාහ දිවියට එළබෙන්නෙ.

කොහොම නමුත් එම විවාහ ජීවිතයත් සාර්ථක විවාහ ජීවිතයක් වුණේ නැහැ. ෆිල්ටි හසිනි සමග විවාහ වන්නේ සිය දෙවන කසාදය විදිහටයි. ඉතින් ඔවුන් දෙදෙනා අතර ඇති වූ යම් යම් නොගැලපීම් තත්ත්වයන් හේතුවෙන් filti නැවතත් තම පළමු බිරිඳ සහ දරුවන් ළඟට යන්න තීරණය කරනවා. මේ වන විට හසිනි සැමුවෙල් ගත කරන්නේ තනිකඩ ජීවිතයක්. ඉතින් එක්තරා මාධ්‍ය සාකච්ඡාවක දී ඇය තමන්ගේ නවතම තොරතුරු පිළිබඳව කියල තිබුණ මේ විදිහට.

“ජීවිතේ නම් හරිම සුන්දරයි. මම දැන් තනිවුන අම්මා කෙනෙක්. මගේ විවාහය සාර්ථක වුනේ නෑ. එයා ආයේ එයාගේ පළමු බිරිඳ සහ ළමයි එක්ක ජීවත් වෙන්න තීරණය කළා. මට ඉතින් ඒ තීරණ වෙනස් කරන්න බෑනේ. ඒක එයාගේ කැමැත්ත. ඉතින් මම ඒ කැමැත්තට ඉඩදීලා එයා මට දුන්න මේ ලස්සන තෑග්ගත් ආදරෙන් බලාගෙන ජීවිතේ ඉදිරියට යනවා. ඇත්තටම මම ෆිල්ටි එක්ක කිසිම තරහක් නෑ, එයත් එහෙමයි. ඒ වගේම එයා දරුවන්ටත් ගොඩක් ආදරේයි. එයා තාම අපි ගැන හොයලා බලනවා. මට ආයේ විවාහයක් ගැන හිතන්න බෑ මොකද මම මගේ හදවතින්ම ආදරේ කරන්නේ ෆිල්ටිට විතරයි, දැන් මට එයාගෙන් පුතෙක් ඉන්නවා. “
ඉතින් මේ විදියට අදහස් දක්වන ඇයගේ සියලුම වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.
